ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කළ තවත් පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරං...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය සහ පක්ෂය විවේචනය කළ තවත් පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයින් පසුගිය කාලය තුළ පක්ෂය විවේචනය කළ අතරම පක්ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධව කටයුතු කළ පුද්ගලයින් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පරික්ෂණ ආරම්භ කර ඇති මෙම පුද්ගලයින් අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු ද සිටින බව වාර්තා වේ.
මෙම පුද්ගලයින් පසුගිය දිනවල සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කැඳවමින් පරික්ෂණ සිදු කරන බව වාර්තා වේ.
මොවුන් අදාළ චෝදනාවලට වැරදිකරුවන් වුවහොත් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය පවා අහෝසි වනු ඇති බව එම ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS