තහනම් ධීවර පන්න ක්‍රමයක් වු බොටම් ට්‍රොලින් පන්න ක්‍රමය ඉන්දීය ධීවරයින්ට තහනම් කරන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය එරට මාධ්‍යම රජය වෙත ද...
තහනම් ධීවර පන්න ක්‍රමයක් වු බොටම් ට්‍රොලින් පන්න ක්‍රමය ඉන්දීය ධීවරයින්ට තහනම් කරන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරිය එරට මාධ්‍යම රජය වෙත දැනුම්දීම තමා අගය කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා කියාසිටියේ ඒ සම්බන්ධයෙන් තම ස්තූතිය පළ කරමින් ජයලලිතා ජයරාම් මහත්මිය වෙත ලිපියක් යැවීමට තමා තීරණය කර ඇති බවයි.
අදාළ ධීවර පන්න ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය මේ වන විට විනාශ වෙමින් පවතින බව නාරා ආයතනය සිදුකළ පර්යේෂණවලින් අනාවරණය වී තිබුණු අතර එම පන්න ක්‍රමය වෙනුවට මරුවැල් පන්න ක්‍රමය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.
බොටම් ට්‍රෝලින් නිසා වසරකට ඉන්දීය රුපියල් මිලියන 978ට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවන නමුත් මරුවැල් ක්‍රමය සඳහා වැය වන්නේ රැපියල් මිලියන 171 නිසා එම මුදල ඉන්දීය රජයෙන් ලබා දෙන ලෙසද ජයරාම් මහත්මිය ඉල්ලීමක් කොට තිබේ.
කෙසේවුවද අන්තර්ජාතික සම්මතයන්ට අනුව කටයුතු කිරීමට ගත් එම තීරණය අගය කරන බවත් අවශ්‍ය නම් එම මුදල් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වශයෙන් ඊට සහාය පළ කිරීමට සුදානම් බවත් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
COMMENTS