දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආසන සංවිධායක ධූරය පිළිබද ඇමති රාජිත ගන්ධබ්බ අවධියක
Homeප්‍රවෘත්ති

ආසන සංවිධායක ධූරය පිළිබද ඇමති රාජිත ගන්ධබ්බ අවධියක

PropellerAds

තමා ආසන සංවිධායක ධූර පිළිබදව ඉන්නේ ගන්ධබ්බ අවධියක බවත් තමා මේ දිනවල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පාලමක් නිර්මාණය කිරීමේ කටයුතු වල නිරතව ...

බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි
වැසි තත්ත්වයේ වැඩි වීමක්
"එදා අධ්‍යාපන ක්ෂේත්‍රයේ අඩුපාඩු නොදුටු ඇතැම් කණ්ඩායම් අද සාර්ථකත්වයට අකුල් හෙලනවා" - අකිල
ආසන සංවිධායක ධූරය පිළිබද ඇමති රාජිත ගන්ධබ්බ අවධියක

තමා ආසන සංවිධායක ධූර පිළිබදව ඉන්නේ ගන්ධබ්බ අවධියක බවත් තමා මේ දිනවල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පාලමක් නිර්මාණය කිරීමේ කටයුතු වල නිරතව සිටින බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.  

බේරුවල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායක ලෙස පත් වූ එම්.එම්.එම්. අම්ජාඩි මහතා පිළිගැනීම වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (28) බේරුවල පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“2014 වසර අවසන් වනවිට රට විනාශ කරන්න රාජපක්ෂ කල්ලිය කටයුතු කර තිබුනා. රාජපක්ෂලාගේ උග‍්‍ර ජාතිවාදී සහෝදරයා තමයි ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ඔහුගේ සහචරයන් බේරුවලටත් ආවා. ඇතැම් මුස්ලිම් ව්‍යාපාරිකයින් ඔවුන් සමග එකතු වී ව්‍යාපාරික කටයුතු වල නිරත වුනා. පසුගිය මැතිවරණයේ දී මම පරාජය කිරිමට රාජපක්ෂ කල්ලියම බේරුවලට ආවා. ඔවුන් පරාජය කර මම ආසනය ජය ගත්තා. එදා මට අම්ජාඩි මහතා සහයෝගය ලබාදුන්නා. එම කැපවීමට තමයි ජනාධිපතිතුමා අද ඔහුට සංවිධායක ධූරය ලබාදුන්නේ.”

“අපි ජාතිවාදය, ආගම්වාදය තුරන් කර මිනිස් පවුරක් නිර්මාණය කර තිබෙනවා. මෙම ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ ජනතාවයි. වෙන කවුරුවක් නොවෙයි. මහින්ද රාජපක්ෂ ඇතුලු කල්ලියට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ ආණ්ඩුවක් ලබාගැනීමට. ඔහු වටා සිටින්නේ දුෂිතයින්, මිනිමරුවන්. අද මහින්ද රාජපක්ෂ කළුතරට එනවාලු. මහින්ද රාජපක්ෂ ලැඡ්ජා විය යුතුයි ඩි.ඒ රාජපක්ෂගේ පුතා වුන එක ගැන. රාජපක්ෂලාගේ මුල් පුරක් හරිම ශ්‍රේෂ්ඨයි. දැන් එම ශ්‍රේෂ්ඨයින්ගේ පුතුන් වටා සිටින්නේ දුෂිතයින්. දුෂිතයින් වටකරගෙන සිටිනවා. ඔවුන්ට විරුද්ධව නඩු විභාග වනවා.”

“මහින්ද රාජපක්ෂ අලුත් පක්ෂයක් හදන්න සුදානම් වෙනවා. තරුණයින් කරන්න ඕන වැඩක් අවුරුදු 70 ක් වයස පුද්ගලයෙකු විසින් සිදු කරනවා. විජය කුමාරතුංග පක්ෂයක් නිර්මාණය කළේ තරුණ වයසේ දී. දැන් ඒකාබද්ධ විපක්ෂය කැළඹිලා. ජනාධිපතිතුමා සටන ආරම්භ කර තිබෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය වන්නේ සටන්කාමීන්. ඒ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමට. පසුගිය කාලේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ව්‍යාපාරකයින්ගේ පක්ෂයක් බවට පත්වුනා. වැඩිපුර හිටියේ ටෙන්ඩර් කරුවන්. මහරජා කියමින් මහින්ද රාජපක්ෂ සතුටු කර ඔවුන් තම වාසි ලබාගත්තා. මහින්ද රජපක්ෂ විකුණන්න පුළුවන් නම් එයත් සිදු කරනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර ආසන සංවිධායකවරු අද ඉවත් කරනවා. මහින්ද රාජපක්ෂ දේශපාලයෙන් ඉවත් වුවහොත් වටේ සිටින පිරිසට යන එන මං නැති වෙනවා. එහෙම පිරිසක් සමග තමයි අලුත් පක්ෂයක් හදන්න යන්නේ. තුන්වන බලවේගය හදන උත්සාහය ලේසි නැහැ. මහින්ද රාජපක්ෂ වටා එකතු වී සිටින අය තුන්වෙනි බලවේගයක් ගැන දන්නෙත් නැහැ.” යැයි අමාත්‍යවරයා පැවසී ය.

“කුඩා පක්ෂවල හිටපු අයට මහ පක්ෂ කඩන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ දේශපාලන චින්තය ඉගෙන ගත යුතුයි. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා වරෙක ප‍්‍රකාශ කළා මම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව තනිව ඡන්දයට ඉදිරිපත් වුවහොත් මනාප 500 ක් වත් නොලැබෙන බව. එවැනි තත්ත්වයක් තමයි මහින්ද රාජපක්ෂ කල්ලියට උදා වන්නේ. ජාතික ආණ්ඩුව වසර 05 ක් ආණ්ඩුව කරනවා. දැන් එකාබද්ධ විපක්ෂයට වසර 05 ක් ඉන්න බැහැ. 

ඒකාබද්ධ විපක්ෂයේ හොද මිනිස්සු ඉන්නවා. මම එම පිරිස සමග හෙට අනිද්දාට සාකච්ඡා කරනවා. රජයට එකතු කර ගැනීමට. හොරු ගැන හොයනකොට හොරු අපටත් පහර දෙනවා. මම ආසන සංවිධායක ධූර පිළිබදව ඉන්නේ ගන්ධබිබ අවධියක. මහායාන බුදුදහමේ මේ පිළිබද විග‍්‍රහ කර තිබෙනවා. මම මේ දවස්වල කරන්නේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පාලමක් නිර්මාණය කරන එකයි. මෙම පාලම මම කොන්ක‍්‍රීට් දමා ශක්තිමත් කිරිමට කටයුතු කරනවා.” යැයි ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආසන සංවිධායක ධූරය පිළිබද ඇමති රාජිත ගන්ධබ්බ අවධියක
ආසන සංවිධායක ධූරය පිළිබද ඇමති රාජිත ගන්ධබ්බ අවධියක
http://ift.tt/2bxdoKL
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_298.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/blog-post_298.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy