දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි
Homeප්‍රවෘත්ති

බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි

PropellerAds

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලි...

කල්ලියක් ගෙට පැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පුත‍්‍රයාට පොලු වලින් පහර දේ…
පරිසර විනාශය සම්බන්ධ සමාජ මාධ්‍ය පෝස්ට් නිරීක්ෂණයට ඒකකයක්
දේවානිලාගෙන් අලුත් වැඩක් - පරිසරය වෙනුවෙන් රාජ්‍ය සේවා වෘත්තීය සමිතියක් !
බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි

බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

අද (01) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති බවත් බැඳුම්කර කොමිසමේ විමර්ශණයට අදාළ වාර්තාව තුළ නම් ලැයිස්තු ගණනාවක් තිබෙන බව ලේකම්වරයා මෙහිදී සඳහන් කර ඇත.

එම ලැයිස්තු කිසිවක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශපාලඥයින්ට, සමාගම්වලට හෝ පුද්ගලයින්ට දුන් මුදල් සම්බන්ධයෙන් ලැයිස්තුවක් නොමැති බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.

මේ සිදුවීම පිළිබඳ මේ වන විටත් විවිධ අංශ මඟින් පරීක්ෂණ කටයුතු සිදු වෙමින් පවතින බවත් එම නිසා තමා මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය  පිළිබඳව උපදෙස් පතා නීතිපතිවරයාට සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි දෙකක් යොමු කළ බවත් එයට පිළිතුරු ලබා දෙමින් ඔවුන්ගෙන් ලිපි දෙකක් ලැබුණු බවත් ජනාධිපති ලේකම්වරයා මෙහිදී කියා සිටියේය.

එම වාර්තාවල පරීක්ෂණවලට අදාළ සංවේදී කරුණු අඩංගු විය හැකි නිසා වාර්තා පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස එම ලිපි මඟින් දන්වා තිබූ බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ ලිපිය තමාට ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන්ද උපදෙස් පතා මේ වන විට නීතිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව මන්ත්‍රීවරයා විසින් ඉල්ලුම් කරන ලද තොරතුරු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි
බැඳුම්කරයේ වාර්තාව හෙළි කරන්න ජනපති ලේකම් නීතිපතිගේ උපදෙස් පතයි
http://am.lk/media/k2/items/cache/18e5dd9d61032f57bc5aa0b14b352e56_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_44.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_44.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy