අද (01) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, දකුණ, සබරග...
අද (01) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ඌව පළාතේ මෙන්ම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් ස්ථාන කිහිපයක සවස 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ක පමණ තරමක තද වැසි ඇතිවන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ රලු විය හැකියි.
සෙසු මුහුදු ප්‍රදේශවල ද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේ තරමක් රලු විය හැකිය.
ධීවර සහ නාවික ප්‍රජාවට මේ පිළිබඳ ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට දැනුම් දෙයි.
COMMENTS