පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුට අයත් යැයි කියන ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් වාද්දූවේ දී කාන්තාවකගේ ගැටීමෙන් ඇයගේ පාදය කපා ඉවත් කළ යුතු බව...
පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුට අයත් යැයි කියන ෆෝක්ලිෆ්ට් යන්ත්‍රයක් වාද්දූවේ දී කාන්තාවකගේ ගැටීමෙන් ඇයගේ පාදය කපා ඉවත් කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් පවසන බව පොලිසිය පවසයි.
ෆෝක්ලිෆ්ට් යන්ත්‍රය රියදුරු සමඟ අත්අඩංගුවට ගෙන ඇත. එවැනි යන්ත්‍රයක් පැදවීමට ඔහුට සුදුකම් නොතිබියදී එවැන්නකු සේවයට යොදවා ගැනීම සම්බන්ධයෙන් එම ව්‍යාපාරික ආයතනයේ හිමිකරුවා වන එජනිස මන්ත්‍රී රෝෂාන් රණසිංහට එරෙහිව නඩු පවරන බව පොලිසිය සඳහන් කරයි.
මෙම මන්ත්‍රීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අතර මේ වනවිට ඔහු මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරමින් කටයුතු කරයි.
පසුගියදා පැවති මහින්ද පිලේ පාගමනේදී මෙම මන්ත්‍රීවරයාද තවත් මන්ත්‍රීවරයෙකුගේ රථයකට යටවීමෙන් ඔහුගේ පාදයක් අනතුරකට ලක් විය.
COMMENTS