අද (03) උදෑසන සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ. ඒ, දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භකර ඇති විරෝධතාවක...
අද (03) උදෑසන සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
ඒ, දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භකර ඇති විරෝධතාවක් හේතුවෙනි.
තම වැටුප රුපියල් 12500 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා අනාරක්ෂිත ගේට්ටු මුරකරුවෝ 500දෙනෙක් අද උදෑසන සිට මැදවච්චිය දුම්රිය ස්ථානය අසල දුම්රිය මාර්ගය වසා දමින් විරෝධතාවයේ නිරත වී සිටිති.
අවස්ථා කිහිපයකදීම දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භ කල විරෝධතා නිසා එහි ආරක්ෂාවට පොලිසිය යෙදවීමට ද සිදු විය.
COMMENTS