උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපතිවරයා ...
උසස් පෙළ විභාගය ඇරැඹෙන දිනයේම සංයුක්ත ගණිතය ප්‍රශ්න පත්‍රය පැයක් ප්‍රමාද වී ලබා දුන් බව කියන හේනේගම මධ්‍ය විද්‍යාලයයේ විභාග ශාලාධිපතිවරයා අද (02) දිනයේ විභාගය අවසන් වූ වහාම ඉවත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිම් එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ප්‍රමාදය සිදුවී ඇත්තේ අදාල ශාලාධිපතිවරයා රාජකාරියට වාර්තා කිරීමට ප්‍රමාද වී තිබුණු නිසා බවත් 11.30ට අවසන් වීමට නියමිත විභාගය එම සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි දහවල් 12.30 වන තෙක් පවත්වන බවත් ශාලාධිපතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාව ගැන තමා කණගාටු වන බවත් ය.
COMMENTS