දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජයකලාගේ ප්‍රකාශය මහින්දගේ කුමන්ත්‍රණයක්ද?
Homeප්‍රවෘත්ති

විජයකලාගේ ප්‍රකාශය මහින්දගේ කුමන්ත්‍රණයක්ද?

PropellerAds

දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය විසින් කළ ප්‍රකා...

වයඹ සරසවියට වෛද්‍ය පීඨයක්
පොලිස් කාන්තාවන්ටත් DIG තනතුරු
ගෝ්ඨා ඇතුළු නාවික හමුදාපතිවරුන් උසාවි ගෙන යාම ගැන ජනපතිගේ අප්‍රසාදය
විජයකලාගේ ප්‍රකාශය මහින්දගේ කුමන්ත්‍රණයක්ද?

දෙමළ ජනාතාවගේ නිදහස වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ඇති කළ යුතු බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජේකලා මහේෂ්වරන් මහත්මිය විසින් කළ ප්‍රකාශය හෙළා දකින බවත් එම ප්‍රකාශය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳව සැකයක් ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

අද(03) උදෑසන ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

අද වන විට රට තුළ යහපාලනය ස්ථාපිත කර ඇති බවත්, ද්‍රවිඩ ජනතාවට වත්මන් රජය විසින් දැවැන්ත කාර්යභාරයක් ඉටු කර තිබියදීත් දෙමළ ජනතාව වෙනුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත වරක් ඉල්ලා සිටීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

දෙමළ ජනතාවට වත්මන් රජය කළ මෙහෙවර ඇමතිනිය නිසි ලෙස දන්නේ නම් මෙවැනි කථාවක් කිසිවිටෙකත් නොකරන බව ද මන්ත්‍රීවරයා පවසයි.

කෙසේ වෙතත් දේශපාලන වාසි ගැනීම සඳහා මෙවැනි කථාවක් සිදු කරන්නට ඇතැයි සැක කළ හැකි බවත් එසේත් නොමැති නම් නිව්යෝක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්ත්වය මඟ හැරවීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින්ම සිදු කරන ලද්දක් දැයි සැකයක් මතුවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අද වන විට උතුරේ  එල්.ටී.ටී.ඊ සංවිධානයට යටත්ව සිටි ජනතාව පුනුරුත්තාපනය කර සාමාන්‍ය ජනතාව ලෙස ජීවත් වීමේ අයිතිය රජය තහවුරු කර ඇති බවත්, කෙසේ හෝ වත්මන් රජය යටතේ කිසිවිටෙකත් නැවතත් ත්‍රස්තවාදයට හිස එසවීමට ඉඩක් නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

විජේකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය දකුණේ සිටින ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදී පිරිස්වල පංගුකාරයෙක් වී ඇත්දැයි සැකයක් මතුවන බව ද ඔහු තවදුරටත් පැවසීය.

ජනාධිපතිවරයා හා ආරක්ෂක අංශ එක්ව මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගනු ඇති බවත්, තනතුරු ගැන නොසිතා නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් එහිදී කාවින්ද ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29401,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජයකලාගේ ප්‍රකාශය මහින්දගේ කුමන්ත්‍රණයක්ද?
විජයකලාගේ ප්‍රකාශය මහින්දගේ කුමන්ත්‍රණයක්ද?
http://am.lk/media/k2/items/cache/43f2b980e47b0138f5943259ce35416c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_75.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_75.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy