දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුලි හොරු නිදැල්ලේ - ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ
Homeප්‍රවෘත්ති

විදුලි හොරු නිදැල්ලේ - ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ

PropellerAds

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කර...

විදුලි හොරු නිදැල්ලේ - ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ

ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය සියයට 240 කින් ඉහල ගොස් ඇති බව පවසන විදුලි බල මණ්ඩලයේ නිළධාරි රටපුරා ජාතික විදුලිය පද්ධතිය අවභාවිතා කරන කල්ලි කණ්ඩායම් පිළිබඳව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම සැකයට තුඩුදෙන කරුණක් බව වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පවසයි.

මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ ජාතික විදුලිබල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් ලබාදිමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එම ව්‍යාපාරයේ සභාපති චතුරංග ද අල්විස් මහතා සදහන් කළේ උතුරේ ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් නාලිකා විකාශය කරන කණ්ඩායම් ජාතික විදුලි බල පද්ධතිය අනතුරේ දමා ඇති බවයි.

වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය පසුගියදා යාපනයේ කල සංචාරයකදි අනාවරණය කරගත් සාක්ෂි කිහිපයක්ද එහිදි මාධ්‍යයට අනාවරණය කළේය.

"අපි පසුගිය කාලේ උතුරේ සංචාරය කළා. එහිදි අපි දැක්කා ජාතික විදුලි බල පද්ධතියට අයත් කණු භාවිත කරලා මේ අනවසර කේබල් නාලිකා කරුවන් තමන්ගෙ නාලික බෙදාහැරීම සදහා කේබල් ඇදලා තියේන හැටි. එක පැත්තකින් මේ කේබල් අදින අයට අවසරයක් නෑ. අනිත් පැත්තෙන් මේ වංචනික ක්‍රියාවේ යෙදෙන අය ජාතික විදුලි පද්ධතියෙන්ම තමන්ගේ ඇම්පිලිෆයර් සදහා විදුලිය ගන්නවා.සමාන්‍යයෙන් මෙම ඇම්පිලිෆයර් එකක් සදහා මාසිකව රුපියල් 1500-1700ත් අතර මුදලක් වියදම් වෙනවා.නමුත් ඒ මුදල ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන්නේ නෑ."

"සමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම කේබල් නාලිකා විකාශනයේ දි අනිවාර්‍යන් කරන්න අවශ්‍යයි.හිතලා බලන්න උතුරු සහ නැගෙනහිර පළාත්වල තියේන හොර කේබල් නාලිකා පවත්වාගෙන යන අය රටේ විදුලි බල පද්ධතියට මොනතරම් හානියක් කරනවාද කියලා."

"සාමාන්‍ය ජනතාවට බිලක් ගෙවා ගන්න බැරි උනාම රතු නිවේදන එවලා විදුලිය කපලා දානව...විදුලි කණුවක වැලක් බැන්දත් නීතිය ක්‍රියාත්මක කරනවා ඒ උනාට පොඩි මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වුනාට හොරුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ "

"ඒ විතරක් නොවේ මිට සති කිහිපයකට පෙර නැගෙනහිර පළාතේ කල්මුණේ ප්‍රදේශයේ අනවසර කේබල් නාලික පවත්වගෙන යන අයෙකු කිසිදු අවසරයකින් තොරව ජාතික විදුලි බල පද්ධතියට අවහිර වනලෙස කණු හිටවලා."

"නීතිවිරෝධී කේබල් සමාගම් වල කේබල් ඇදිම හේතුවෙන් අවස්ථා කිහිපයකම අනතුරු සිදුවුනා වඩමාරච්චි වල්ලෙයිවෙලි ප්‍රදේශයේ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිල්ලීමෙන් සිදු වූ විදුලි කාන්දු නිසා පසුගිය මැයි මාසයේ 23 වන දා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය නමුත් තවමත් නීතිය ක්‍රියාත්මක නෑ."

"ඒ නිසා අපි බොහොම පැහැදිලිව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් මෙන්ම වගකිවයුත්තන්ගේන් ඉල්ලා සිටිනවා වහාම මේ නීතිවිරෝධී ලෙස රටේ ජාතික විදුලි බල පද්ධතියට හානී කරන් කණ්ඩායම් වලට එරෙහිව් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. " යැයිද චතුරංග ද අල්විස් මහතා වැඩිදුරටත් පැවසී ය.

එම ලිපිය පහතින්,

ඩබ්ලිව්. බී. ගනේගල මහතා

සභාපති,
ලංකා විදුලිබල මණ්ඩලය,
අංක 540, ශ්‍රිමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත,
කොළඹ 02,
02.07.2018

සභාපතිතුමණි,

මිනිස් ජිවිත අවදානමට ලක්කරමින්, රටේ විදුලි බල පද්ධතියෙන් හොරෙන් විදුලිය ලබා ගන්නා කේබල් නාලිකා බෙදාහරින්නන් ගැන වහාම නීතිය ක්‍රියාත්මක කරනු!

උතුරේ ක්‍රියාත්මක වන මාධ්‍ය මර්දනය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සොයා බැලිම සදහා පසුගියදා අපි, වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය යාපනයේ සංචාරයක නියැලුන අතර එම සංචාරය ඇතුලත විශේෂයෙන්ම අප සංවිධානය විසින් දිගින් දිගටම අනාවරණය කළ නීතිවිරෝධී කේබල් රූපවාහිනි නාලිකා සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සොයා බැලිමට අපට හැකියාව ලැබුණි.

උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් සම්බන්ධයෙන් වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය දිගින් දිගටම කරුණු අනාවරණය කල අතර විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව ඇතුළු සියළුම වගකිව යුතු ආයතන වෙත එම නිතිවිරෝධි නාලිකා නාමයන් හා ඒවායේ ලිපිනයන් ඇතුලත් ලිපිගොනුවක්ද මේ වන විට භාර දී ඇත්තෙමු. එසේම එම කේබල් නාලිකා විකාශය කිරිම හරහා එක් පැත්තකින් රටේ ජාතික ආරක්ෂාව අනතුරට හා තර්ජනයට ලක් කර ඇති ආකාරයද අනිත් පැත්තෙන් ඒ හරහා රටට අහිමිවන බදු මුදල් සම්බන්ධයෙන්ද අපි පෙන්වා දී ඇත්තෙමු.

රටේ සාමාන්‍ය ජනතාව රටේ විදුලි බල පද්ධතියෙන් ඔවුන් පරිභෝජනය කරන විදුලිය වෙනුවෙන් බදු මුදල් සහිතව ගෙවීමක් සිදු කරන අතර ගෙවීම් අතපසු වීම යම්හෙයකින් රතු බිලක් දක්වා දිග්ගැස්සීම, ඔවුන්ගේ විදුලිය විසන්දිවීමට පවා හේතු වන අවස්ථාවක උතුරු, නැගෙනහිර මෙන්ම කදුකරයේ ඇතැම් ප්‍රදේශ වල නීතිවිරෝධීව කේබල් හරහා රූපවාහිනි නාලිකා විකාශය කරන කණ්ඩායම් ඒ සදහා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණු යොදා ගන්නා ආකාරය අපි නිරීක්ෂණය කළෙමු. එපමණක් නොව එම නීතිවිරෝධී කණ්ඩායම් විදුලි කනුවෙන්ම ඇම්පිලිෆයර් සදහා අනවසරයෙන් මෙන්ම කිසිදු ගෙවිමකින් තොරව විදුලිය ලබා ගැනිමට කටයුතු කරමින් සිටින ආකාරය ද අපි දුටුවෙමු.

මෙම නීතිවිරෝධි නාලිකා වල කේබල් ඇදිම් කාර්යයන් හි නිරත වන පුද්ගලයන්ගේ ජීවිත නිරායාසයෙන්ම අනතුරට ලක් වී ඇති බවත් ඒ කාර්යයන් ඉටු කිරීමේදි එම සේවකයන්ගේ ජිවිතවලට වගකීමක් හෝ වටිනාකමක් ද අදාළ ආයතන විසින් ලබා නොදෙන බවත් අපි දනිමු. ඊටත් වඩා විදුලි බල මණ්ඩලයට අයත් කණුවකට මණ්ඩලයේ අවසර ලද පුද්ගලයන්ට හැර වෙනත් අයෙකු නැගිම නීතියෙන් දඩුවම් හැකි පවා වරදකි. තත්ත්වය එසේ වුවත් පසුගියදා අපගේ යාපන සංචාරය අතරතුර පේදුරු තුඩුව දක්වා ඇති නීතිවිරෝධී නාලිකාවකට අයත් කේබල්, ලංකා විදුලි බල මණ්ඩලයට අයත් විදුලි කණුවල අදිමින් සිටි පුද්ගලයන් නිරික්ෂණය කිරිමට අපට හැකි වු අතර ඒ සම්බන්ධයෙන් ඡායාරූප සහ විඩියෝද අප සතුව වේ.

මිට අමතරව අප කල නිරික්ෂණයට අනුව විකාශයට භාවිතා කරන ඇම්පිලිෆයර් සදහා අවශ්‍ය විදුලිය ද නීතිවිරෝධී ලෙස එම කණුවෙන්ම ලබාගෙන ඇති අතර එම මාර්ගය ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගමන් කිරිමේදි ඒ ආකාරයේ ඇම්පිලිෆයර් කිහිපයක්ම දකින්නට හැකිවු බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු. කේබල් තාක්ෂණය අනුව සාමාන්‍යයෙන් මිටර් 250කට වරක් එක් ඇම්පිලිෆයර් එකක් බැගින් සවිකිරිම කේබල් නාලිකා විකාශනයේ දි අනිවාර්‍ය වේ.

ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමේදි තහවුරු වූයේ කේබල් හරහා රූපවාහිනි නාලිකා බෙදාහැරීම හැකි ඇම්පිලිෆයර් එකක් සදහා අවම වශයෙන් මාසිකව විදුලි වියදම ලෙස රුපියල් 1400-1500ක් වැයවන බවයි. සභාපතිතුමණි, එසේනම් ඒ හරහා මාසිකව ඔබ ආයතනයට අහිමි වන මුදල අති විශාල බව අප ඔබට අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

නීතිවිරෝධී ලෙස කේබල් හරහා අනවසරයෙන් නාලිකා බෙදාහරින කණ්ඩායම් තමන්ගේ කේබල් විදුලි කණුවේ ඇදිමට අමතරව ඒ සදහා රජයට පාඩු කරමින් හොර රහසේම විදුලිය ලබා ගැනිම ඉතා භයානක බව අපගේ හැගීමයි.

නීතිවිරෝධී කේබල් සමාගම් වල කේබල් ඇදිම හේතුවෙන් අවස්ථා කිහිපයකම අනතුරු සිදුව ඇති අතර වඩමාරච්චි වල්ලෙයිවෙලි ප්‍රදේශයේ රූපවාහිනී කේබල් නාලිකා එකිනෙක ඇතිල්ලීමෙන් සිදු වූ විදුලි කාන්දු නිසා පසුගිය මැයි මාසයේ 23 වන දා පුද්ගලයින් දෙදෙනෙක් මිය ගිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කිරිමට සිදු වුණි.

සභාපතිතුමණි,

කේබල් රූපවාහිනි නාලිකා විකාශය කිරිම සදහා නිසි බලපත්‍රයක් ලබා ගෙන ඇති ආයතන සදහා අදාළ විකාශන කටයුතු කිරිම වෙනුවෙන් කේබල් ඇදිමට අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් අපගේ විරෝධයක් නොමැත. ඒ සමඟම ඒ හරහා ලංකා විදුලිබල මණ්ඩලයට මාසිකව අමතර ආදායමක් ලබා ගැනිමට මෙන්ම විදුලි බල සේවකයන්ට ඒ සම්බන්ධයෙන් විශේෂ පුහුණුවකටද හිමිකම් කිමටද හැකියාවක් ලැබෙනු ඇති බව අපගේ විශ්වාසයයි.

ඒ හේතුවෙන් රටපුරා ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් නාලිකවන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි කනු භාවිතා කිරිම සම්බන්ධයෙන් මෙන්ම අනවසරයෙන් රජයට පාඩු කරමින් විදුලිය අවභාවිතා කිරිම පිළිබඳව වහාම පියවර ගන්න ලෙස වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ඔබගෙන් හා මේ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි,

මෙයට,

විශ්වාසි,

චතුරංග ද අල්විස්,
සභාපති,
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29397,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුලි හොරු නිදැල්ලේ - ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ
විදුලි හොරු නිදැල්ලේ - ජාතික විදුලිබල පද්ධතිය අනතුරේ
http://am.lk/media/k2/items/cache/cb69c81b81307a0df1ee3d9c06ae25b8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_78.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_78.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy