ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පක්ෂ නායකවරු අතර හම...
ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා ඇතුළු පක්ෂ නායකවරු අතර හමුව අද (02) පෙරවරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී සිදු විය.
මෙම හමුව සඳහා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල යන මහත්වරු සහ පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නිමල් සිරිපාලද සිල්වා, රවුෆ් හකීම්, ඩග්ලස් දේවානන්ද, ඊ.සරවනපවන් යන මහත්වරුද එක් වුහ.
මෙම හමුවේදී පාර්ලිමේන්තුව තුලින් මෑත කාලීනව තැබූ ඉදිරි පියවර සහ ප්‍රජාතාන්ත්‍රීක ප්‍රතිසංස්කරණ පිළිබඳව කථානායකවරයා මහ ලේකම්වරයාට කරුණු පැහැදිලි කළේය.
මෑතකදී සම්මත කරන ලද නව පනත් කෙටුම්පත්, පාර්ලිමේන්තුව මූලික කරගෙන ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව හා ස්වාධීන කොමිසන් සභා, ආංශික කාරක සභා ක්‍රමයේ ප්‍රගතිය ආදිය පිළිබඳව කථානායකවරයා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිතයන් දැක්වූ අදහස් පිළිබඳව වඩවඩාත් විමසිලිමත් වූ බෑන්කී මූන් මහතා කෙටි කාලයක් තුල පාර්ලිමේන්තුව ඉටු කර ඇති කාර්යභාර්ය බෙහෙවින් අගය කළේය.
COMMENTS