ඊයේ (12) රාත්‍රියේ අම්බලන්ගොඩ, මානිමුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. 53 හැවිරිදි මොහු තම 10 හැවිරිදි පුතු සමඟ ජීප්...
ඊයේ (12) රාත්‍රියේ අම්බලන්ගොඩ, මානිමුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
53 හැවිරිදි මොහු තම 10 හැවිරිදි පුතු සමඟ ජීප් රථයකින් අම්බලන්ගොඩ නගරයේ සිට මානිමුල්ලේ පිහිටි සිය නිවස වෙත ගොස් ඇති අතර වෙඩි තැබීම සිදුව ඇත්තේ ඔහුගේ නිවස ඉදිරිපිටදීයි.
රාත්‍රී 8.30ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ව්‍යාපාරිකයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ පුත්‍රයා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ සුපිරි වෙළඳසැලක් සහ පපඩම් ව්‍යාපාරයක් හිමි ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් මොහුට වෙඩි තබා ඇති අතර සැකකරුවන් මෙතෙත් හඳුනාගෙන නොමැති බව පොලීසිය සදහන් කරයි.
COMMENTS