දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

නාමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්

PropellerAds

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලි කල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව...

එජාපය සීසීකඩ වේ.. නවීත් සිරිකොතේ බඩු අස්කර ගනී
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැන් ඉන්නේ රහස් පොලිසියේ – නොදුටු නරුමයාගේ ඡායාරූපය මෙන්න
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දැන් ඉන්නේ රහස් පොලිසියේ – නොදුටු නරුමයාගේ ඡායාරූපය මෙන්න
නාමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලි කල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව්වක් සිදු කළේය.

ඒ ඔහු විසින් පැය 07 කට ආසන්න කාලයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ ලබා දුන් ප්‍රකාශය සහ හඩ පට කිහිපයක් සම්බන්ධයෙනි.

නාමල් කුමාර පවසන්නේ ඝාතන තැත සම්බන්ධයෙන් නම කියවෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා තමන්ට තර්ජනය කල පැහැදිලි හඩ පටයක් ඊයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන්ට එසේ තර්ජනය කිරිමට හේතුව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් බවටද නාමල් කුමාර චෝදනා කළේය.

ඔහු කියා සිටියේ මීට මාස කිහිපයකට ඉහත දි පිටකොටුවේ විරෝධතාවයක් අතරතුර තමන්ට සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා හමුවු බවය.

එහිදි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් තමන්ට එරෙහිව සිදුකෙරෙන විමර්ශණයකට මැදිහත් වන ලෙස ඩෑන් ප්‍රියසාද් ඉල්ලිමක් කල බව දුෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ප්‍රකාශ කලේය.

එම අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඩෑන් ප්‍රියසාද් සම්බන්ධයෙන් තමන්ට පැවසු දුරකථන සංවාදයක් ඇසිමට සැලස්වු බවත් ඔහු කියා සිටියේය.

පසුව දුරකථන සංවාදය පිලිබදව ඩෑන් ප්‍රියසාද් නියෝජ්‍ය පොලිස්ති නාලක ද සිල්වා ට පැවසිමෙන් පසු තමන් සමග ඔහු වෛරයෙන් පසුවු බවද නාමල් කුමාර කියා ඇත.

මේ අතර තමන්  විදෙස් ගතව සිටින ඩයස්පෝරාවේ පුද්ගලයින් සමග පැවත්වු සබදතා සම්බන්ධයෙන්ද අනාවරණය කර ඇත.

ඔහු කියා ඇත්තේ ඒ සියලූ සබදතා නාලක ද සිල්වාගේ උපදෙස් මත පවත්වාගෙන ගිය බවය.

එමෙන්ම මෙම ඝාතන තැත සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ පිලිබදව පොලිස් විශේෂ කාර්‍ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගෙන් ද ඊයේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සදහන් කලේ ත්‍රස්ත විමර්ශන කොඨ්ඨාශය සතුව තිබු එල්.එන්.ජි.අවි ගිනිඅවි දෙකක් අතුරුදන් වු බවට පැවසෙන සිද්ධීය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති අතර එහි සත්‍යතාවක් නොමැති බවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්
නාමල්ගෙන් තවත් විශේෂ හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/457db890ece675016d1db796d06f0382_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_653.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_653.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy