මෙරට ආදායමෙන් සියයට 97 ක් වැය වෙන්නේ ණය හා පොලිය ගෙවීමට බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා...
මෙරට ආදායමෙන් සියයට 97 ක් වැය වෙන්නේ ණය හා පොලිය ගෙවීමට බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යා පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූයේ පසුගියදා කඩුවෙල පොළ සහ අතිරේක බස්නැවතුම්පොලෙහි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
පසුගිය කාලයේ සිදු වූ විශම සංවර්ධනය නිසා, එම සංවර්ධනවලට කළ ආයෝජනවලින්, ඵලදායී දායකත්වයක් ජාතික ආර්ථිකයට නොලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය.
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසී ය,
ඒ වගේම අපේ දෙවෙනි කාරණය තමයි ආදායම් උපදවන ආකාරයට තමයි අපි අපේ මේ ආයෝජන සිදු කරන්නේ. අද හුගාක් දෙනෙක් බදු ගැන ගතා කරනවා. බදු ගැන කතා කළ යුතුයි. මොකද බදු වලින් තමයි රට දුවන්නේ. රටේ නිදහස් අධ්‍යාපනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, නිදහස් සෞඛ්‍ය සේවය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ, නාගරික සංවර්ධනය මේ නාගරිකකරණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ බදු නිසා. නමුත් අපි අමතක කරන්න හොඳ නැහැ පසුගිය කාලයේ සිද්ද වෙච්ච විශම සංවර්ධනය නිසා, ඒ විශම සංවර්ධනවලට කළ ආයෝජනවලින්, ඵලදායී දායකත්වයක් ජාතික ආර්ථිකයට ලැබිලා නැහැ. අද අපේ රටේ ආදායමෙන් 97% ක් වැය වෙන්නේ ණයයි පොලියයි ගෙවන්න. ඉතින් කොහොමද රටක් ගොඩනගන්නේ. 97%ක් ගෙව්වට පස්සේ ආණ්ඩුවේ ආදායමෙන් රටක් ගෙනියන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ වැට් බදු ගැන, මෙතන අපේ ව්‍යාපාරික ප‍්‍රජාවත් ඉන්නවා. විශාල සංවාදයක් ඇතිවෙලා තියෙනවා රට ඇතුලේ. ඒ ගැන විධිමත් සංවාදයක් දැන් අපේ ආණ්ඩුව ඇතුලෙත් ඇතිවෙලා තියෙනවා. හිතු මනාපෙට, කාගෙවත් අදහස් විමසන්නේ නැතිව ඒ කටයුත්ත කරන්න සූදානම් නැහැ. අපි එකක් දකිනවා මොකක්ද මේ වැට් බද්ද හඳුන්වා දුන්නා 2002 දී, 2006 වෙන කොට මේ කිසිම සිල්ලර වෙළඳාමක වැට් බදු අය කිරීමකින් තොරව රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 5.6 ක ආදායමක් වැට් බද්ද හරහා ආවා. දැන් අද තත්වෙ මොකක්ද? අද තත්වෙ තමයි ඒක. හරියට ඒකෙන් බාගෙට බැහැලා. අද 2.3% යි. වැට් බදුවලින් දළ දේශීය නිෂ්පාදන ආදායම. මේක කොහොමද වුනේ. සිල්ලර වෙළඳාමට බදු අයකරන්නෙත් නැතිව, තොග වෙළඳාමට බදු අය කරන්නෙත් නැතිව, ඒක ඇති කළේ 2012. කොහොමද මේ වැට් බද්දේ ආදායම නැතිවෙලා ගියේ. අපි ක‍්‍රමක් ක‍්‍රමයෙන් වැට් බද්දෙන් අයිතම 500 ක් ඉවත් කළා. අධිවේගී මෝටර් සයිකල් පදින්න ඕනේ උනහම ඒක අයින් කළා. ඒ වගේම ගුවන් යානාවල සියුලේටස් හදන්න ඕනේ උනහම අපි ඒක අයින් කලා. ඒ වගේම විදේශීය ක‍්‍රීඩකයින්ට රගර් ගහන්න ඕනේ උනහම අපි ඒක අයින් කළා. මේ විදිහට අයිතම 500 ක් අයින් කිරීම නිසා වැට් බද්දෙන් භාගයක් අපිට අහිමි උනා. එහෙමනම් අපි පළමුව කළයුත්තේ මොකක්ද ඇති හැකි අයගෙන් මේ බද්ධ අය කරන්න ගන්න කටයුතු කිරීමයි. ඒ සඳහා අපේ ආණ්ඩුව කි‍්‍රයාත්මක විය යුතුයි. කි‍්‍රයාත්මක වෙන්න කටයුතු කරන බවත් ප‍්‍රකාශ කරන්න ඕනේ. වගේම ආදායම් බදු ගෙවන්න ඕනේ ඇති හැකි අය. ඒ අදායම් බදු ප‍්‍රමාණයත් ඒ විදිහට අඩුවෙලා තිබෙන බව කණගාටුවෙන් උවත් කියන්න ඕනේ. ඒ වගේම මේ බදු ගෙවන්නන්ගේ ප‍්‍රතිශතයත් 50% කින් විතර 2012 ට සාපේක්‍ෂව අඩුවෙලා තියෙනවා. 2012 ආසන්නයෙන් නමලක්‍ෂයක් ඉඳලා තියෙනවා බදු ගෙවන අය. අද ඉන්නේ හය ලක්‍ෂයයි. 50% කින් පමණ බදු ගෙවන ප‍්‍රමාණය අඩුවෙලා තියෙනවා. ආදායම වැඩිවෙනකොට, දළ දේශීය නිෂ්පාදනය වැඩිවෙන කොට බදු ගෙවන ප‍්‍රමාණය වැඩිවෙන්න එපැයි. ලංකාවේ ඒක අනික් පැත්ත වේගෙන යන්නේ. ඒ නිසා මේ විධිමත් බදු ප‍්‍රතිපත්තියක් අද රටට අවශ්‍යයි. නිකං බොරු වීරයෝ වෙලා ජනතාවට බදු බර පටවන්න එපා කියලා රාජ්‍ය ආයතන කඩා කප්පල් කරලා මුළු රටම ණය ගැති කරලා බොරු වීරයෝ වෙලා වැඩක් නැහැ. මේ පිළිබඳව තිරසර, ශක්තිත් බදු ප‍්‍රතිපත්තියක් එනිසා පළමුවෙන්ම වැට් බදු සහන ලබාදීම නිසා බදු ආදායම අහිමි වීමේ ස්ථානයෙන් පටන් අරගෙන රටට ආදායම ලැබෙන විදිහට මෙයට අපි සකස් කරගත යුතු වෙනවා“
“1978 මේ රටේ ආණ්ඩුවේ බදු ආදායම දල දේශීය නිෂ්පාදනයෙන් 28% යි. අද 10% යි. මේක 15%ක් උනානම් අද කිසිම අයවැය හිගයකින් තොරව අපට මේ ආණ්ඩුව කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. මේ බදු එන්න එන්නම ධනපතියන්ට ඒ වගේම ජාවාරම්කාරයින් හිතවතුන්ට, ගජ මිතුරන්ට ඥාතීන්ට සහන ලබාදීම නිසා තමයි මේ මූල්‍ය අර්බුදය අද රටේ ඇතිවෙලා තියෙන්නේ. ඒක විවෘතව වෙනස් කරන්න තමයි ගිය ජනවාරි 08 වෙනිදා අපේ ජනතාව ඒ වරම ලබා දුන්නේ. ඒ නිසා ඒ අනුව ඉදිරිකාලයේදී අපි කි‍්‍රයාත්මක වන බව ඔබ හැමට ප‍්‍රකාශ කරනවා.“ යැයි අමාත්‍යවරයා පැවසී ය.
COMMENTS