දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්ධනාගාරගතව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 32ට ඇප (PHOTOS)
Homeප්‍රවෘත්ති

බන්ධනාගාරගතව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 32ට ඇප (PHOTOS)

PropellerAds

පානීය ජලය ඉල්ලා පසුගිය 25දා අම්බලන්තොට නගරයේ තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු 32ට අ...

මහින්ද-ගෝඨා එක්ක ඇමති ඩීල් එකක? රාජපක්ෂ පවුලේ හිතවත්කම ගැන ඇමති වජිර කතා කරයි
ලේ පරික්ෂණ පිටින් කළොත් රෝහල් අධ්‍යක්ෂවරුන්ට වැඩ වරදි
'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට
බන්ධනාගාරගතව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 32ට ඇප (PHOTOS)

පානීය ජලය ඉල්ලා පසුගිය 25දා අම්බලන්තොට නගරයේ තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නියැළුණු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු 32ට අද (01) හම්බන්තොට අධිකරණය විසින් ඇප ලබාදී තිබේ.

පසුගිය 28වනදා අම්බලන්තොට පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය.
 
ඒ අනුව එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින්වූ ශරීර ඇප මත 32දෙනාට ශරීර ඇප 32ක් මත මුදාහැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මංජුල කරුණාරත්න මහතා නියෝග කළ අතර නැවත නඩුව විභාගයට ගැනීම ලබන දෙසැම්බර් මස 01 වැනිදා ලෙස නම් කෙරුණි.
 
අම්බලන්තොට රුහුණු රිදියගම ප්‍රදේශයේ කරබගලමුල්ලගොඩකොග්ගල්ල යන ග්‍රාම නිලධාරි  වසම් 02ක ජනතාව පානිය ජලය ඉල්ලා පසුගිය මස  25 වනදා පෙරවරු 11.00 සිට සවස 03.00 පමණ වෙනතෙක් පැය 04ක පමණ කාලයක්  තිස්ස - මාතර ප්‍රධාන මාර්ගය අම්බලන්තොට නගරයෙන් හරස් කරමින් විරෝධතාවයේ නියැලිණි.
 
ඒ අනුව විරෝධතාවයේ නියැලුණු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ අයුතු ජනරාසිය ,මහජන පීඩාව, අනර්ථය යන කාරණා යටතේ චෝදනා ගොනුකරමිනි.
 
මේ වනවිටත් එම ග්‍රාම නිළධාරී වසම් දෙකෙහි පවුල් 540ක‍ පුද්ගලයින් 2500කට වැඩි පිරිසක් පානිය ජලය නොමැතිව පීඩි විඳිමින් සිටී.
 
අත්අඩංගුවේ පසුවී ඇප මත නිදහස් වුණු කොග්ගල්ල විවේකාරාම විහාරයේ විහාරාධිපති වලකුබුරේ ධම්මාරාම හිමි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියාසිටියේ, "අපි වතුර ලබා ගන්න තමයි මේ අරගලය කලේ. ඒ අතරතුර පාරවල් වහලා අපිකල වැරදි වැඩක් නිසා අධිකරණයෙන් දීපු නියෝගය සදහා අපි සියලු දෙනාම ගරු කරනවා. දින හතරක් අපි ඒ නිසා බන්ධනාගාර ගතකර හිටියා. අදටත් දින 14ක් වෙනවා අදටත් තාම වතුර ලැබුනේ නෑ. මේ ගැන රටේ ජනාධිපති අගමැති ප්‍රමුඛ බලධාරිගේ අවධානය යොමුකරලා අපිට ඉක්මනින්ම ජලය ලබාදෙන්න කියලා තමයි අපේ එකම ඉල්ලීම'' යනුවෙනි.
 
ඡායාරූප පහතින්.
 
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාරගතව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 32ට ඇප (PHOTOS)
බන්ධනාගාරගතව සිටි භික්ෂුන් වහන්සේ ඇතුළු 32ට ඇප (PHOTOS)
http://ift.tt/2aKo71D
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/08/32-photos.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/08/32-photos.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy