දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට
Homeප්‍රවෘත්ති

'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට

PropellerAds

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය. ශී‍්‍ර ලංකා නිදහ...

ඒ පාර ‘ඩෙල්ටා ප්ලස්’ ඇවිත්! එන්නත්වලින් සතපහක වැඩක් නැතිලු!
මරණය යටගහන්න පොලිස් ලොක්කෙක් ගේමක් ගහලා…රු 50000 ක් පෙන්නලා ෂේප් වෙන්න හදලා !
වාහනය ප‍්‍රපාතයකට පෙරලේ.. ප්‍රවීණ රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න ජීවිතක්ෂයට !
'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග‍්‍රහණය කළ පක්ෂයක් බව පැවසූ ජනාධිපතිවරයා එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන අමතමිනි.

ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සඳහා ශ‍්‍රී ලංකා නිදහස්  පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡනය වන අත ලකුණෙන් බවත්,  සියලු වාම ප‍්‍රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.

ආණ්ඩුවේ කටයුතුවලදීද පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින, ජනතාවට ආර්ථික සහන සළසන මෙන්ම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප‍්‍රතික්ෂේප කර රටේ සියලු ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසු ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළයුත්තේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.

වංචාව, දූෂණය, අක‍්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලුදෙනාට අලුත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසු ජනාධිපතිවරයා පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සඳහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක‍්‍රමිකතාවයක් පිළිබඳවද කරුණු අනාවරණය කළේය.

රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ ප‍්‍රධාන සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙන බවද පැවසු ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග‍්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.

ජාත්‍යන්තර දේශපාලනයේ විශිෂ්ට වාමාංශික මානවවාදී නායකයෙකු වූ කියුබාවේ හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා සිය කණගාටුව පළ කර සිටියේය.

පක්ෂය සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීම සංකේතවත් කරමින් නව සාමාජික කාඩ්පත් ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ද හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇතුළු ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට
'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට
http://ift.tt/2gu9dkz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_157.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_157.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy