කැබිනට් අමාත්‍යංශ 3ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙන අතර ඔවුන් අද(01)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගෙන් ස...
කැබිනට් අමාත්‍යංශ 3ක් සඳහා නව ලේකම්වරුන් පත්කර තිබෙන අතර ඔවුන් අද(01)පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාගෙන් සිය පත්වීම් ලිපි ලබාගෙන තිබේ.
විදේශ කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය සහ තැපැල් අමාත්‍යංශය සඳහා මෙලෙස නව ලේකම්වරුන් පත්කර ඇත.
ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යංශලේ ලේකම්වරයා ලෙස ඇසළ වීරකෝන් මහතා පත්කර ඇති අතර රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ලෙස ජෙ.ජේ රත්නසිරි මහතාද, තැපැල් අමාත්‍යංශයේ ලේකම් ලෙස ඩී.ජී.එම්.වී හපුආරච්චි මහතාද පත්කර තිබේ.
ස්වකීය පත්වීම් ලිපි ලබාගැනීමෙන් අනතුරුව නව ලේකම්වරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සුහද කතා බහක නිරතවූ බව වාර්තා වේ.
COMMENTS