නීති විරෝධී ලෙස විදේශ මුදල් තොගයක් මෙරටින් රැගෙනයාමට උත්සාහ කළ පුද්ගලයින් 02ක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අද (04) අළුයම ...
නීති විරෝධී ලෙස විදේශ මුදල් තොගයක් මෙරටින් රැගෙනයාමට උත්සාහ කළ පුද්ගලයින් 02ක් කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අද (04) අළුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මොවුන් දෙදෙනා සිංගප්පූරුව බලා යාමට සූදානමින් සිටි බව ගුවන්තොටුපළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා ප්‍රකාශ කරයි.
රුපියල් කෝටි තුනහමාරකට අධික වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී සොයාගෙන තිබේ.
ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් තම ගමන් මලුවල ගෙන ගොස් ඇති විසිතුරු මල් බඳුන් තුළ සඟවාගෙන මෙම විදේශ මුදල් තොගය රැගෙනයාමට උත්සාහ කර ඇති බව ගුවන්තොටුපල රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ පදිංචි 35 හා 49 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපළ රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS