ආණමඩුව නගරයේ තිබූ ආපන ශාලාවකට ඊයේ (11) අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගත...
ආණමඩුව නගරයේ තිබූ ආපන ශාලාවකට ඊයේ (11) අලුයම කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කිරිමට කම්පා වූ නගරයේ ව්‍යාපරික සංගමය හා ජනතාව එක්ව දිනක් ගතවීමටත් මත්තෙන් අදාල ස්ථානය තිබූ තත්වයට ගෙන ඒමට කටයුතු කර තිබුණි.
ආණමඩුව නගරයේ ව්‍යාපාරිකයින් හා ජනතාව අතර ඉතා හොඳ ලෙන්ගතු කමින් සිටි ව්‍යාපාරිකයකුගේ කඩයකට මෙලෙස ගිනි තබා තිබිණි.
එම ව්‍යාපාරිකයාට සාධාරණයක් ඉටු කරමින් ආණමඩුව නගරයට කළු පැල්ලමක් එක් කිරීමට උත්සහ කළ කඩාකප්පල්කාරින්ට පාඩමක් කියා දෙමින් ගිනි ගෙන විනාශ වූ ආපන ශාලාව යලි සකස් කර දීමට කටයුතු කටයුතු කර තිබුණි.
මෙම ගිනි ගැනීමෙන් අසල තිබූ දුරකථන වෙළෙඳ සැලකටත් බුලත් විට අලෙවි කරුවකුගේ කුඩා පෙට්ටි කීපයකටත් හානි වී තිබුණු අතර ඒවාද යලි පිළිසකර කිරීමට ව්‍යාපාරික සංගමය කටයුතු කළේය. මේ කටයුතු සඳහා සිංහල , දෙමළ , මුස්ලිම් සියලු දෙනාම එක්ව තම දායකත්වය දක්වන ආකාරය දැක ගත හැකි විය.
COMMENTS