දැදිගම - ගලපිටගම, දිවුල්දෙනිය ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු 02ක් හමුවී තිබේ. ඊයේ (09) රාත්‍රියේ ලද තො...
දැදිගම - ගලපිටගම, දිවුල්දෙනිය ප්‍රදේශයේ නිවසක තිබී කාන්තාවකගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරු 02ක් හමුවී තිබේ.
ඊයේ (09) රාත්‍රියේ ලද තොරතුරකට අනුව මෙම මළ සිරුරු සොයාගත් බව දැදිගම පොලීසිය ප්‍රකාශ කරයි.
මියගිය අය අතරින් පිරිමි පුද්ගලයා නිවසේ මුළුතැන්ගෙය තුළ ගෙළ වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවත් කාන්තාවගේ මළ සිරුර නිවස තුළ තිබී හමුවූ බවත් පොලීසිය කියා සිටී.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක් සහ 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අතරින් කාන්තාව මිය ගියේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධියට හේතුව අනියම් සම්බඳතාවක් බවට පොලීසිය සැක පළ කරයි.
මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් දැදිගම පොලීසිය විමර්ශන මෙහෙයවයි.
COMMENTS