වකුගඩු රෝගයට තුඩු දෙන වෙනත් පානයක් පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිදරව්වක් කර තිබේ. එම සංවිධානය නිවේදනයක් නිකුත් කර...
වකුගඩු රෝගයට තුඩු දෙන වෙනත් පානයක් පිළිබදව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිදරව්වක් කර තිබේ.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙතක් කළක් වකුගඩු රෝගය පැතිරෙන්නේ රසායනික පොහොර මතම බවට සාක්ෂාත් කළ පිරිසගේ ඇස් ඇරවීමට මෙම හෙළිදරව්ව සිදු කරන බවයි.
නෙස්ලේ සමාගම විසින් ‘නෙස් ටී‘ නමින් තේ පැකැට්ටුවක් මේ වනවිට අලෙවි කරමින් සිටින බවත් අදාල ‘නෙස්ටී‘ නිෂ්පාදය සදහා ‘trisodiumphosphate‘ නම් රසායනිකය අනතර්ගත කර ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙයි.
‘trisodiumphosphate‘ යනු සේදිමට භාවිතා කරනු ලබන රසායනිකයක් බවත් එම රසායනිකය ආහාර සදහා භාවිතා කිරීමෙන් වකුගඩු රෝගය ඇති වීමට බලපාන බැවින් එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කල යුතු බවත් එම නිවේදනයේ සඳහන් කර ඇත.
එම නිවේදනය පහතින්,
වකුගඩු රෝගය මෙරට ව්‍යාප්තවන රෝග අතර ඉතාම භයානක රෝගයක්වී තිබේ. වකුගඩු රෝගය නිවාරණය කිරීම සදහා මෙරට දේශපාලන අධිකාරිය ඇතුලු විවිධ පාර්ශවයන් ගනු ලබන උත්සහයන් පිළිබදව සිතා බැලිමේදී පෙනීයන්නේ මෙරට වසර 33නක් පැවැති යුද්ධය නිමාකිරීමට සැළසුම් කළ ආකාරයට වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීම සදහා ද සැළසුම් සෑදිය යුතු බවයි. ඒ මක්නිසාද යත් මෙරට 27000 කට වඩා වැඩි තරුණ ජීවිත යුද්ධයෙන් විනාශවූ අතර ලක්ෂ සංඛ්‍යාත තවත් සිවිල් වැසියන් මියගිය අතර තවත් විශාල පිරිසක් සදාකාලික අබාධිත තත්වයට පත්විම යුද්ධයේ කුරිරු බව ලෝකයට මනාව කියාපාන්නක් වන නිසාය.
කෙසේ වෙතත් වකුගඩු රෝගයද යුද්ධයට දෙවැනි නොවන මාරක රෝගයකි. ඒ බව වටහාගෙන අප කටයුතු කරන ආකාරයක් අපට නම් පෙනෙන්නට නැත. මක්නිසාද යත් වකුගඩු රෝගය වැළදෙන්නේ රසායනික පොහොර භාවිතා කිරීම විශේෂයෙන්ම ග්ලයිපොසේට් භාවිතය නිසාම බවට අප විසින් නිගමනයකට පැමිණ කටයුතු කිරීම නිසාය. ඒ අනුව අදාල රසායනිකය ගෙන්වනු ලබන සමාගම් මත අදාල වරද පටවා අප අත සෝදගෙන ඇත. ඒ අනුව දැන් සමාජයේ ඇත්තේ ග්ලයිපසෝට් වලට විරුද්ධ හා විරුද්ධ නොවන පාර්ශව දෙකක් පමණි. 2007 වසරේදී ජාතික රාජ්‍යයක් පිහිටුවීම සිය න්‍යායපත්‍රය බවට පත්කරගත් අතුරලියේ රතන ස්වාමින් වහන්සේ දැන් කථාකරන්නේ වසවිස නැති ලංකාවක් පිළිබදවය. එය ඉතාම හොද තත්වයක් වන්නේ අපගේ ජනතාව වසවිස කන තරමට ජාතික රාජ්‍යයක් පිහිටවූවද එහි ජීවත්වීමට පුරවැසියන් ආනයනය කිරීමට සිදුවනබව රතන හිමියන් වටහාගෙන ඇතිනිසාම පමණක් නොව බංකොලොත් දේශපාලනයෙන් ගොඩ ඒමට ඇති අකර්ෂණීයම මාතෘකාව වන්නේ ද වසවිස නැති ලංකාවක් යන මාතෘකාව බවට හොදින් දේශපාලන නාඩි පිලිබදව අවබෝධයක් ඇති රතන හිමියන් දන්නා නිසාය. ඒ කෙසේවෙතත් සුරක්ෂිත ආහාර ලබාගැනීමට අයිතියක් පාරිභෝගිකයාට ඇති නිසා වසවිසවලින් තොර ආහාර පිළිබදව අප දිගින් දිගටම කථා කරනුයේ අද ඊයේ සිට නොවේ. රතන හිමියන් ජාතික රාජ්‍යයක් පිළිබදව කථාකරන යුගයේ සිටය.
අප මෙහිදී පෙන්වා දෙන්නේ වකුගඩු රෝගයට තුඩු දෙන වෙනත් පානයක් පිළිබදවය. වකුගඩු රෝගයට තුඩුදෙන තවත් හේතු සාධක රැසක් ඇති බවට සමාජය දැනුවත් කිරීමය. තවද අපට මෙතක් කළක් වකුගඩු රෝගය පැතිරෙන්නේ රසායනික පොහොරමතම බවට සාක්ෂාත් කළ පිරිසගේ ඇස් ඇරවීමටය.
නෙස්ලේ සමාගම විසින් නෙස් ටී නමින් තේ පැකැට්ටුවක් මේ වනවිට අලෙවි කරමින් සිටි.
අදාල නෙස්ටී නිෂ්පාදය සදහා trisodiumphosphate නම් රසායනිකය අනතර්ගත කර ඇත.
trisodiumphosphate යනු සේදිමට භාවිතා කරනු ලබන රසායනිකයකි. නෙස්ටී සදහා මෙම රසායනිකව භාවිතාකරනු ලබන්නේ තේ කැටිගැසීම වැලක්වීම සදහා හා වඩාත් අලංකාරව අවසන් නිෂ්පාදනය තබා ගැනීමටය.
ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) පවසන්නේ මෙම trisodiumphosphate රසායනිකය ආහාර සදහා භාවිතා කිරීමෙන් වකුගඩු රෝගය ඇති වීමට බලපාන බැවින් එය ආහාර නිෂ්පාදන වලින් ඉවත් කල යුතු බවයි.
ලෝක ආහාර හා ඖෂධ අධිකාරිය ප්‍රකාශ කරන්නේ(FDA)trisodiumphosphate මිලි ග්රැම් 70 කට වඩා දිනකට භාවිතා කිරීම නුසුදුසු බවයි. මෙම රසායනිකය මිනිස් සිරට අහිතකර නම් අප භාවිතා කරන්නේ ඇයි? ද යන්න මෙරට පාරිභෝගිකයා විසින් තිරණය කර යුතු අතර මෙම නිෂ්පාදනය තහනම් කිරීම සදහා බලපෑම් කිරීම වසවිස වලින් තොර ආහාර පිළිබදව හා වකුගඩු රෝගය වැලැක්විමට හඩනගන අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ඇතුලු සෙමා ආයතනය විසින් කළයුතුය. මෙරට පුරවැසියන් වශයෙන් අප එය බලාපොරොත්තුවන අතර එම සටනට උන්වහන්සේ සහ පිරිවර නොපැමිණියහොත් ජනාධිපතිවරයා මේ පිළිබදව දැනුවත් කිරීමට හා පාරට බැස මහජනයා දැනුවත් කිරීමටද අප සූදානම්ය.
රංජිත් විතානගේ-සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
COMMENTS