ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාව අද (29) පෙරවරු 9.30 ට උතුවන්කන්දේ ධර්මදූත යෝග්‍රාශ්‍රමය අසලින් ආරම්භ විය. ආගමි...
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාව අද (29) පෙරවරු 9.30ට උතුවන්කන්දේ ධර්මදූත යෝග්‍රාශ්‍රමය අසලින් ආරම්භ විය.
ආගමික වතාවත් වලින් පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අදහැලුණු වැසි පොද මැද පාගමන ඇරඹිය.
මාවනැල්ල නගර සීමාවන් පා ගමන නවත්වන ලෙස දුන් අධිකරණ නියෝගය හේතුවෙන් පාද යාත්‍රාව ඊයේ (28) ගනේතැන්නෙන් නැවැත්වීමට සිදුවිය.
ඒ අනුව කෑගල්ල නගරය මඟ හැරෙන පරිදි උතුවන්කන්දෙන් පාද යාත්‍රාව අරඹන බව පා ගමනේ සංවිධායකයින් ප්‍රකාශ කළේය.
අද පෙරවරු 9.00 වන විට 200කට ආසන්න පිරිසක් උතුවන්කන්දට පැමිණ සිටි අතර සංවිධායකයන් පැමිණ සිටි පිරිස පෝලිම් කරනු දක්නට ලැබිණි.
COMMENTS