කොට්ටේ යට තියාගෙන ඉන්නේ නැතුව පහුගිය කාලේ මුල්‍ය අපරාධ පිළිබඳ කරපු විමර්ශනයේ 34 වාර්තාව එළියට දාන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්ත...
කොට්ටේ යට තියාගෙන ඉන්නේ නැතුව පහුගිය කාලේ මුල්‍ය අපරාධ පිළිබඳ කරපු විමර්ශනයේ 34 වාර්තාව එළියට දාන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
ඒ පෙරේදා (21) මාතර, අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මෛත්‍රීපාල ජනාධිපතිතුමාට අපි කියනවා කොට්ටේ යට තියාගෙන ඉන්නේ නැතුව පහුගිය කාලේ මුල්‍ය අපරාධ පිළිබඳ කරපු විමර්ශනයේ 34 වාර්තාව දාන්න එළියට. ඒ වාර්තාවේ තියෙනවා මහින්ද යාපා කියන්නේ කවුද?, විමල් විරවංශ කියන්නේ කවුද?, මහින්දානන්ද කියන්නේ කවුද?, ජයසුන්දර කියන්නේ කවුද?, ප්‍රේමසිරි කියන්නේ කවුද?, චන්ද්‍රපාල කියන්නේ කවුද? ලැයිස්තුව අපි කියන්නම්. බැසිල් රාජපක්ෂ කියන්නේ කවුද? මොනවද කලේ කියලා. ඇයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ඒක එළියට දාන්නේ නැත්තේ? අපි අභියෝග කරනවා. එතකොට බලාගන්න පුළුවන් මහ බැංකුව මංකොල්ල කාපු කට්ටියයි, අනිත් ඒවා මංකොල්ල කාපු කට්ටියයි දෙගොල්ලොම කවුද කියලා. මේ දෙගොල්ලම හොරු තමයි. ඒක හින්දා අහු වෙන්න එපා.”
COMMENTS