වවුනියාව දිස්ත්‍රිකයේ වවුනියාව උතුර (නෙඩුන්කේණී) ප්‍රාදේශීය බල සභා ප්‍රදේශය තුල සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කොට සිංහල කොළණි බවට පත් ...
වවුනියාව දිස්ත්‍රිකයේ වවුනියාව උතුර (නෙඩුන්කේණී) ප්‍රාදේශීය බල සභා ප්‍රදේශය තුල සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කොට සිංහල කොළණි බවට පත් කොට තිබීම නිසා දෙමළ දේශපාලනඥයින්ට එය විශාල අසාධාරණයක් බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසයි.
වවුනියාවේ පැවති දේශපාලන සාකච්ඡාවකදී අදහස් දැක්වූ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා තව දුරටත් කියා සිටියේ නෙඩුන්කේණි ප්‍රාදේශීය සභාව සදහා මෙවර සිංහල අපේක්ෂකයින් පස් දෙනෙකු ඉදිරිපත් වීමට තරම් වවුනියාවේ සිංහල ජනතාව බලහත්කාරයෙන් පදිංචි කරවීමේ තත්ත්වය උග්‍ර වී ඇති බවයි.
වවුනියාව ඇතුළු උතුරු ප්‍රදේශය තුල සිංහල දෙමළ හා මුස්ලිම් වැසියන් සහෝදරයින් මෙන් ජීවත් වනු දැකීම දෙමළ ජාතික සන්ධානයේද අපේක්ෂාව වුවත් පිටස්තර ප්‍රදේශ වලින් සිංහල ජනතාව බලහත්කාරයෙන් රැගෙනවිත් පදිංචි කොට සිංහල කොළණි ඇති කොට ඉන් දේශපාලන වාසි ලබා ගැනීම සම්බන්ධයෙන් පමණක් දෙමළ ජාතික සන්ධානය විරෝධය පලකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
දකුණේ පවුල් 5000 ක් පමණ වවුනියාවට රැගෙන විත් වවුනියාවේ කැලෑ බෝගස්වැව පළාතේ පදිංචි කොට දැනට වසර දහයක් පමණ වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඔවුන්ට රජයෙන් සහන සැලසීම අඩු වන විට උතුරේ මන්ත්‍රීවරුන් පිට එම වරද පටවන බවද කියා සිටියි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් වවුනියාවේ සිටින සිංහල ජනතාව සමග ඉතා සමීපව සිටින බවත් සංවර්ධන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලදී ඔවුන්ටද ප්‍රතිලාභ භුක්ති විදීමට අවස්ථාව සලසා දී ඇති බවත මන්ත්‍රීවරයා කියා සිටියි.
නමුත් දකුණේ සිංහල ජනතාව ඉතා විශාල කණ්ඩායම් වශයෙන් වවුනියාවට රැගෙනවිත් ජනපද පිහිටුවා එතැනින් නතර නොවී ඔවුන්ව දෙමළ ප්‍රදේශවල දේශපාලන කටයුතු සදහාද යෙදවීම දෙමළ ජාතික සන්ධානයට පක්ෂයක් වශයෙන් එකග විය නොහැකි කාරණයක් බව ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.
(දිනසේන රතුගමගේ)
COMMENTS