ඒකාබද්ධ විපපක්ෂයේ පාගමන කෑගල්ල නගරය පසු කරද්දී එක් මංතීරුවක් පමණක් භාවිතා කළ යුතු බවට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය පොලීසිය මීට සුළු ...
ඒකාබද්ධ විපපක්ෂයේ පාගමන කෑගල්ල නගරය පසු කරද්දී එක් මංතීරුවක් පමණක් භාවිතා කළ යුතු බවට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය පොලීසිය මීට සුළු මොහොතකට පෙර උතුවම් කන්දේ දී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට බාර දී තිබේ.
පෙළපාලිය කෑගල්ල නගරයට වළක්වන නියෝගයක් ඉල්ලා පොලීසිය උසාවියට ගියද එම නියෝගය නොලැබිණි.
නුවර - කොළඹ මාර්ගය වෙනත් අරමුණක් සඳහා අවශ්‍ය යැයි කෑගල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක තීරණය කළහොත් පොලිසිය කෑගල්ලට ඇතුළු නොවී අතුරු මාර්ගයක් ඔස්සේ යන ලෙසට මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයේ දැක්වේ.
පෙළපාළිය අතරතුර මිනිස් ජිවිතවලට හෝ පරිසරයට කිසිදු හානියක් නොවන පරිදි සිදු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා උපදෙස් දුන්නේය.
ඡායාරූප - ලංකාදීප
COMMENTS