දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගුවන්තොටුපොළ අමතර ආරක්ෂක පියවර රැසක්.. පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළුවීම ගුවන් මඟීන්ට පමණයි.. සියළු තොරතුරු මෙන්න
Homeප්‍රවෘත්ති

ගුවන්තොටුපොළ අමතර ආරක්ෂක පියවර රැසක්.. පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළුවීම ගුවන් මඟීන්ට පමණයි.. සියළු තොරතුරු මෙන්න

PropellerAds

ගු වන්තොටුපොලෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තර කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර රැසක් ගෙන ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති දම්මික රණත...

ජනාධිපති ගෝටාභයට නැවතත් සිංහල බෞද්ධ ඡන්දවලින් දිනන්න බෑ.. ඒක දන්න නිසා මුස්ලිම් ඡන්ද සොයනවා..
පාස්කු බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන හා ඥාණසාර හිමියි.. කොමිසම් වාර්තාවෙන් හෙලිවන්නේ එයයි..
අගමැති පුත් රෝහිත රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන සමග පිළිසඳරක (photos)
ගුවන්තොටුපොලෙහි ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය තර කිරීම සඳහා අමතර ආරක්ෂක පියවර රැසක් ගෙන ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති දම්මික රණතුංග පවසයි. කෙසේනමුත් එම අමතර ආරක්ෂක පියවර හේතුවෙන් ගුවන් මෙහෙයුම්වලට කිසිඳු ආකාරයක බාධාවක් සිදුව නැතැයිද සභාපති දම්මික රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දුන්නේ පසුගිය 21 වැනිදා සිට මේ දක්වා සෑම ගුමන් ගමනක්ම නියමිත පරිදි පිටත්ව ගිය බවත් සෑම ගුවන් ගමනක්ම නියමිත පරිදි ගුවන්තොටුපොළට ළඟා වූ බවත්ය. ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගෙන යාමට ගුවන් මගීන්ගේ සහ ගුවන්තොටුපොළ පරිහරණය කරන සියලු දෙනාගේ සහාය අත්‍යවශ්‍ය බවද ඔහු කියා සිටියේය.

ඒ ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“මේ වගේ සිද්ධි වුණාම අපිට විවිධ තීරණ ගන්න වෙනවා. එවැනි අවස්ථාවලදී හැම තිස්සේම ගුවන්තොටුපල පාවිච්චි කරන මගීයාගේ පහසුව 100කින්ම සැලසුම් කරන්න බැරිවන අවස්ථා තියෙනවා. එතනදි අපි ඉවසීමෙන් කටයුතු කරන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. අපි කටයුතු කරන්නේ සියලුම ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ දැනුම ලබා ගෙන. ඒ ආරක්ෂක අංශ පැය 24ම වැඩ කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට උදේට එනකොට ඔවුන්ගේ මුහුණේ තියෙන වෙහෙස අපට දකින්න පුළුවන්. ඔවුන් සියලු දෙනාගේම ප්‍රමුඛතාව වෙලා තියෙන්නේ මේ ආයතනයේත් මේ ආයතනය භාවිතා කරන ගුවන් මගීන්ගේත් ආරක්ෂාව. පහසුකම එන්නේ දෙවැනියට. සිවිල් ආයතනයක් වශයෙන් මේ අවස්ථාවේ අපිට තියෙන වගකීම් දෙකෙන් ප‍්‍රමුඛත්වය ගන්නවා ආරක්ෂා. දෙවනුව පහසුකම් සලසා දීම. මේ වගේ අවස්ථාවල මේ අතර සමබරතාවයක් පවත්වාගන්න අපහසුයි. ඒ නිසා යම් අපහසුතාවක් වෙනවා නම් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා…” යිද දම්මික රණතුංග සභාතිතුමා පැවසීය.

ගුවන්තොටුපොල මඟීන්ගේ සහ ගුවන්තොටුපොල භාවිතා කරන්නන්ගේ ආරක්ෂාව සහ පහසුව සඳහා අනුගමනය කළ යුතු පියවර

01. ගුවන් මගීන් සඳහා පොදු උපදෙස්

ගුවන්තොටුපොල වෙත පැමිණෙන මඟීන් සිදුවිය හැකි ප‍්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පිටත්වීමට නියමිත වේලාවට පැය 4කට පෙර ගුවන්තොටුපොල වෙත පැමිණිය යුතුය.
නැවත දැනුම් දෙනතුරු පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළු වීම ගුවන් මඟීන්ට පමණක් සීමාකර ඇත. එබැවින් ප‍්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අමුත්තන් රැගෙන ඒමෙන් වළකින්න.

02. විදේශයන් වෙත පිටත්වන මඟීන් සඳහා (Departure Passengers)

විදේශයන් වෙත පිටත්වන මඟීන් රැගෙන එන සියලුම රථ වාහන ගුවන්තොටුපොල ප‍්‍රධාන පිවිසුමෙන් ගුවන්තොටුපොල පරිශ‍්‍රයට පිවිසිය යුතුය.
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිට ගුවන්තොටුපොලට පැමිණෙන රථ වාහන ආඩිඅම්බලම ප‍්‍රදේශයෙන් හරවා කෝවින්න මාර්ගය ඔස්සේ ඇවරිවත්ත ප‍්‍රදේශයෙන් ගුවන්තොටුපොල ප‍්‍රධාන පිවිසුමට ලඟා විය යුතුය.
හඳුනාගන්නා ලද සංචාරක කණ්ඩායම් රැගෙන එනු ලබන බස් රථ ආරක්ෂක ක‍්‍රියාමාර්ග වලින් අනතුරුව පිටත්වීමේ පර්යන්තය පිටත ආලින්දය අසලට යොමුකරනු ලැබේ.
මඟීන් පර්යන්තයට යොමුකළ පසු එම රථ වාහන පිටවීමේ දොරටු අංක 3 හරහා මිනුවන්ගොඩට මාර්ගයට පිවිස කොළඹ දෙසට ගමන් කළ යුතුය.
ප‍්‍රධාන පිවිසුමේ සිට පර්යන්තය දක්වා යාමට ගුවන් මගීන් සඳහා සියලු පහසුකම් සහිත නව මාර්ගයක් සකසා ඇත. පිටවීමේ පර්යන්තයේ පළමු පිවිසුම අසලම එම ගුවන් මගීන්ගේ බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමේ x-කිරණ යන්ත‍්‍රය ස්ථාපිත කර ඇත.

03. ගුවන්තොටුපොලට පැමිණෙන මඟීන් (Arriving Passengers)

විදේශ රටවල සිට පැමිණෙන මඟීන් රැගෙන යාම සඳහා ගුවන්තොටුපොල වෙත පැමිණෙන රථ වාහන කොළඹ සිට මිනුවන්ගොඩ මාර්ගයේ පැමිණ පැමිණීමේ පර්යන්තය සඳහා වු නව විශේෂ පිවිසුම් මාර්ගය ඔස්සේ ගුවන් තොටුපොල පැමිණිමේ පර්යන්තයේ පිටත මාර්ගයට පිවිසිය යුතුය.
මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ සිට ගුවන්තොටුපොලට පැමිණෙන රථ වාහන ආඪිඅම්බලම ප‍්‍රදේශයෙන් හරවා කෝවින්න මාර්ගය ඔස්සේ ඇවරිවත්ත ප‍්‍රදේශයෙන් පැමිණීමේ පර්යන්ත පිවිසුමට ලඟා විය යුතුය.
පැමිණීමේ පර්යන්තය වෙත රථ වාහන ඇතුලු කළ යුත්තේ ගුවන් මඟීන් පිටත ආලින්දය වෙත පැමිනී බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව බව සළකන්න.
විදේශ රටවල සිට පැමිණෙන මඟීන් රැගෙන යාම සඳහා ගුවන්තොටුපොල වෙත පැමිණෙන රථ වාහන පැමිණීමේ පරියන්තය ආසන්නයේ ඇති රථ ගාල වෙත යොමුකරන අතර රථ වාහන නවතා තැබීමේ කාලය උපරිම පැය 3කට සීමා කරන බව දන්වා සිටී.
ගුවන්තොටුපොල කාර්යබහුල කාලයන්වලදී පැමිණීමේ පර්යන්තය වෙත එන රථ වාහන පරීක්ෂාව පිටත්වන වාහන පරීක්ෂා කරන ස්ථානයේදීද කරගැනීමේ පහසුකම් සපයා ඇත .
ගුවන්තොටුපොල පරිහරණය කරන්නන් වෙත රථ වාහන නවතා තැබීම සඳහා ගුවන්තොටුපොල සියලු රථ ගාල් විවෘතව පවතී.
ගුවන්තොටුපොල පැමිණීමේ මඟීන්ගේ පහසුව සඳහා පැමිණීමේ පර්යන්තයේ සිට දුරස්ථ රථ ගාල වෙත නොමිලේ බස් රථ ප‍්‍රවාහන සේවයක් ක‍්‍රියාත්මක වේ.
ගුවන්තොටුපොල ඉදිරියේ මිනුවන්ගොඩ මාර්ගයේ රථ වාහන නවතා තැබීමට මඟීන් ගොඩබැස්සවීමට හෝ නංවාගැනීමට අවසර නොදෙන බව කාරුණිකව දන්වා සිටී.

– තමීර මංජු


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගුවන්තොටුපොළ අමතර ආරක්ෂක පියවර රැසක්.. පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළුවීම ගුවන් මඟීන්ට පමණයි.. සියළු තොරතුරු මෙන්න
ගුවන්තොටුපොළ අමතර ආරක්ෂක පියවර රැසක්.. පර්යන්ත ගොඩනැගිල්ලට ඇතුළුවීම ගුවන් මඟීන්ට පමණයි.. සියළු තොරතුරු මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiFkd6_Weh1eoBwODw8KhiFoDwgrKgckTmgKg4KEsAnhl_nGwo5TWgJS82yRQMss1AThCYQoc8L3ZOYeGSuj41d-xF4T2WqTMC960-4j6tNi8a3ijZ6WbcV7obHDaaeCZ1z6FGIpvgrxR5/s320/BIA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgiFkd6_Weh1eoBwODw8KhiFoDwgrKgckTmgKg4KEsAnhl_nGwo5TWgJS82yRQMss1AThCYQoc8L3ZOYeGSuj41d-xF4T2WqTMC960-4j6tNi8a3ijZ6WbcV7obHDaaeCZ1z6FGIpvgrxR5/s72-c/BIA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_844.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/05/blog-post_844.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy