ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාවේ තුන්වන දිනය අද (30) යි. ඒ අනුව ඊයේ (29) නෙළුම්දෙනියෙන් අවසන් වූ එය පාද යාත්‍රාව ...
ඒකාබද්ධ විපක්ෂය විසින් දියත් කර ඇති ජන සටන පාද යාත්‍රාවේ තුන්වන දිනය අද (30) යි.
ඒ අනුව ඊයේ (29) නෙළුම්දෙනියෙන් අවසන් වූ එය පාද යාත්‍රාව අද නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.
පසුගිය 28වනදා උදෑසන මහනුවර, පේරාදෙණිය මංසන්ධියෙන් ආරම්භ කළ පාදා යාත්‍රාව ඊයේ යළි ආරම්භ කළේ උතුවන්කන්ද - ධර්මදූත යෝගාශ්‍රමය අසලිනි.
මේ අතර පාද යාත්‍රාව වරකාපොළ නගර සීමාවට ඇතුළුවීම වලක්වමින් නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා පොලීසියෙන් කළ ඉල්ලීමක් වරකාපොළ මහේස්ත්‍රාත් තරංගමාල් උද්දාල සුවන්දුරුගොඩ මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ද ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රවර්ධන වැඩසටහන් නතර කරන ලෙසට නිට්ටඹුව පොලීසිය කළ ඉල්ලීමක් ඊයේ ඉවත දැමුවේ ඕනෑම පක්ෂයකට ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ හැකි බව පවසමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් ගන්නා මාර්ගයේ සංවිධාන කර ඇති එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන, පෙළපාලියෙන් පැයකට පෙර හෝ පැයකට පසු සිදුකරන ලෙසට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ද ඊයේ නියෝග කළාය.
ඒ, පොලීසිය සිදුකළ ඉල්ලීමක් සලකා බලමිනි.
එසේම රතුපස්වල ජනතාව ද හෙට (31) කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයක් සංවිධාන කර ඇති බවට ගම්පහ පොලීසිය අධිකරණයට දැනුම් දුන් අතර එහිදී සාමය කඩවීමක් සිදුවිය හැකි බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඒ අනුව කරුණු සලකා බැලූ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කවින්ද්‍රා නානායක්කාර මහත්මිය ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන අතරතුර උද්ඝෝෂණ සිදුනොකරන ලෙස එහි සංවිධායකවරුන්ට නියෝග කළාය.
එසේම ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන පාරේ එක් මං තීරුව පමණක් ක්‍රියාත්මක කළ යුතු බවටයි ඇය නියෝග කරනු ලැබුවේ.
මේ අතර සාමය කඩ විය හැකි බැවින් තම බලප්‍රදේශවලට පාද යාත්‍රාව ඇතුළුවීම වළක්වන ලෙස කිරිබත්ගොඩ සහ කඩවත පොලිස් ස්ථාන මගින් සිදුකළ ඉල්ලීම මහර මහේස්ත්‍රාත් අධිකරණය ද ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබීය.
COMMENTS