දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දියගම ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ' - දයාසිරි
Homeප්‍රවෘත්ති

'දියගම ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ' - දයාසිරි

PropellerAds

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙකු නොමැති බවත් එම නිසා මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යංශයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ක...

රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්
ඕනෑම කෙනෙක්ට උතුරට යන්න පුළුවන් - ආරක්ෂක ලේකම්
'මේ තමයි අන්තිම බස් එක' - ඇමති ඩිලාන් (VIDEO)
'දියගම ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ' - දයාසිරි

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙකු නොමැති බවත් එම නිසා මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යංශයට පවරා ගැනීමට කටයුතු කරන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමිනි.

තරඟාවලි පැවැත්වීමට මෙන්ම ක්‍රීඩා පුහුණුවීම් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් තිබෙන ලංකාවේ එකම ක්‍රීඩා මධ්‍යස්ථානය බවට මෙම ක්‍රීඩාංගනය පත්කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා එහිදී කියාසිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ක්‍රීඩාවේ ප්‍රවීණයන් සහ ක්‍රීඩා සංගම් නියෝජිතයන් සමග අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය නිරීක්ෂණය කළා. මේ ක්‍රීඩාංගනය නැවත ජනාධිපතිතුනගේත් අගමැතිතුමගේත් අදහස් ඇතිව නැවත සම්පූර්ණයෙන්ම සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. ආර්ථික කළමනාකරණ කමිටුවත් සමග මම සාකච්ඡා කළා. ඒ අනුව හැකි ඉක්මනින් අදාළ නිලධාරීන්ගේ අනුදනුමත් ඇතිව සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ. ඉඩම් අයිතිය දැනට තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරයාට. ඒ නිසා මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට කටයුතු කරනවා. ඉන්පසු අධ්‍යාපන අමාත්‍යංශය සමග ඒකාබද්ද වෙලා පාසල් මට්ටමින් එන දක්ෂතා ඇති දරුවන්ව ඔලිම්පික් මට්ටම දක්වා පුහුණු කරවලා ඔවුන්ව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමට කටයුතු කරනවා.

ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සම්බන්ධ සියළුම සංචිත එකතුකරලා ක්‍රීඩා ඇකඩමියක් ස්ථාපිත කිරීමට කටයුතු කරනවා. ඒ වගේම තරඟාවලි මෙන්ම ක්‍රීඩා පුහුණුවීම් සඳහා අවශ්‍ය සියළුම පහසුකම් තිබෙන ලංකාවේ  තිබෙන එකම ක්‍රීඩා මධ්‍යස්ථානය බවට මෙම ක්‍රීඩාංගනය පත්කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු සම්බන්ධයෙන් යෝගානන්ද විජේසුන්දර මහතා ඇතුළු කණ්ඩායමෙන් මම සහයෝගය ඉල්ලා සිටිනවා. ඒ වගේම මොරටුව විශ්ව විද්‍යාලයේ විසේසඥවරුන් සමග සාකච්ඡා කරලා මෙම ක්‍රීඩාංගනයේ තව අවුරුදු 40 කට පමණ ප්‍රයෝජනයට ගතහැකි ගොඩනැගිලි ඉදිකිරීමට වැඩපිළිවෙලක් සකස්කරනවා. අද මෙහි ගෘහස්ථ ක්‍රීඩාංගනය දිරෙමින් පවතිනවා. පිහිනුම් තටාකය ජරාවාස වෙලා. ධාවන පථය විනාශවෙලා. ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේම රවී කරුණානායක මැතිතුමා සමගත් සකච්ඡාකරලා ජාත්‍යන්තර වශයෙනුත් සහය ලබාගෙන ඉක්මනින්ම මෙම ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. ඒ වගේම  විශේෂයෙන් මේ ක්‍රීඩාංග නය ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් කිරීමට කටයුතු කරනවා." යැයි කියාසිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දියගම ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ' - දයාසිරි
'දියගම ක්‍රීඩාංගනයට තවමත් අයිතිකරුවෙක් නෑ' - දයාසිරි
http://ift.tt/2amrfPD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_35.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_35.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy