කොළඹ සියලු ක්‍රීඩාංගණ වෙන් කර තිබුණද ජන සටන පාද යාත්‍රාවේ කොළඹ ජන රැලිය කොළඹ කුමන හෝ ස්ථානයක පවත්වන බවත් එය කිසිසේත්ම ආණ්ඩුවට නතර කළ නොහැක...
කොළඹ සියලු ක්‍රීඩාංගණ වෙන් කර තිබුණද ජන සටන පාද යාත්‍රාවේ කොළඹ ජන රැලිය කොළඹ කුමන හෝ ස්ථානයක පවත්වන බවත් එය කිසිසේත්ම ආණ්ඩුවට නතර කළ නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් ජනසටන පාද යාත්‍රාව අවසානයේ කොළඹදී විරෝධතා රැස්වීමක් පවත්වන බවත් දැවැත්ත වේදිකාවක පැය ගණනක් පවත්වන රැස්වීමක් සූදානම් කර නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනතාව එක්රැස් කළ හැකි ස්ථාන හා සියලු ක්‍රීඩාංගණ ලබා නොදී ඒකාබද්ධ විපක්ෂය පීඩාවට පත් නොකරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බවද හදිසි නීතිය, ඇඳිරි නීතිය දැම්මද කොළඹ ජන රැලිය පවත්වන බවද හෙතෙම සඳහන් කළේය.
පොලීසිය කිසිදු අයුරකින් ඊයේ වනතුරු බාධා කිරීමක් හෝ තර්ජනය කිරීමක් නොකල බවත් මග දෙපස පොලීසිය යොදවා තිබූ බවත් රංජිත් සොයිසා මහතා පැවසීය.
එම හඩපටය පහතින්,
COMMENTS