දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දුමින්ද සිල්වාට සාධාරණයක් වුනා.. ජනාධිපති හරියට හොයල බලලයි සමාව දුන්නේ…
Homeප්‍රවෘත්ති

දුමින්ද සිල්වාට සාධාරණයක් වුනා.. ජනාධිපති හරියට හොයල බලලයි සමාව දුන්නේ…

PropellerAds

“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් “මග දෙපස තුරුසෙවන – සුරැකීමට පරිසර...

මා ජනාධිපති අපේක්‍ෂක කලොත් කතානායක ධුරයෙන් ඉවත් වෙනවා - කරූ ජයසූරිය
ජනපතිවරණයට තරගකර මා අම්මා කෙනෙකුගෙ වැදගත්කම පෙන්වාදෙනවා - අජන්තා පෙරේරා
සජිත් පිල ගවු ගාණක් පසුබසී.. සජිත් නාමික ජනාධිපති කර රනිල් විධායක අගමැති කරන්න එකග වේ !
“රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව තිරසාර පරිසර කළමනාකරණය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් “මග දෙපස තුරුසෙවන – සුරැකීමට පරිසරය” වැඩසටහන යටතේ රට පුරා මාර්ග දෙපස පැළ දස ලක්ෂයක් සිටුවීමේ හරිත ව්‍යාපෘතිය යටතේ සමුද්‍රිය මාර්ගයේ (marine drive) ව්‍යාපෘතියේ වැල්ලවත්ත සිට දෙහිවල දක්වා වූ කොටසේ රුක් රෝපණ වැඩසටහන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 2021-06-25 වන දින ආරම්භ කරන ලදී.

මාර්ග සංවර්ධන අධිකාරියේ වත්කම් කළමනාකරණය හා ආදායම් අංශය ඍජු අධීක්ෂණය යටතේ NDB බැංකුවේ අනුග්‍රහය මත මෙම මාර්ග කොටසේ මූදිල්ලා පැල රෝපණය කරන ලදී. මෙසේ මාර්ග දෙපස රුක් රෝපනය කිරීම නිසා නගර අලංකරණය වීමත්, කාබන් විමෝචනය කළමණාකරණය කරගනිමින් Carbon Foot Print අවම කර ගැනීමත්, මාර්ගය භාවිතා කරන පදිකයන් සදහා වියනක් සේ සෙවන සලසාදීමත්, ශබ්ද බාධකයක් සේ ක්‍රියාකරමින් ශබ්ද දූෂණය අවම කිරිම හා දූවිලි බාධකයක් ලෙස වායු දූෂණය අවම කිරිම වැනි ප්‍රතිලාභ ලැබේ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යය දැක්ම වැඩපිළිවෙළ යටතේ අපි ඉලක්කගත කරගෙන තියෙනවා, අපේ රාජ්‍ය අමාත්‍යාංශය හරහා පැළ මිලියනයක් සිටුවීමේ ව්‍යාපාරයට. එම ව්‍යාපාරයේ එක් අදියරක් තමයි අද මේ මුහුදුබඩ මාර්ගයේ එන්ඩීබී බැංකුව සමග එකතුවී මේ පැල සිටුවීමේ ව්‍යාපාරය අපි අද ආරම්භ කෙරුවා. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් පැල තවාන් වල තවාන් දමා තියෙනවා පැල ලක්ෂ තුනක් පමණ අපේ පාරවල් වල දෙපැත්ත හිටවන්න. ඉදිරි කාලයේදී පැළ මිලියනයක් සිටුවා ඊළඟ පියවර හැටියට ඉතිරි මිලියන සිටුවීමට තමයි අපේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම අපි ස්වභාධර්මයත් එක්ක එකතු වෙලා කරන සංවර්ධනය තමයි අපි ආරම්භ කරලා තිබෙන්නේ. ස්වභාධර්මයත් එක්ක එකතු ඉදියට කරගෙන යන සංවර්ධනය දැක්කහම කිසි දෙයක් කරගන්න බැරි වුන විපක්ෂය මේකට පහර දීලා කැලෑ කපලා විනාශ කරනවා කියලා බොරු ප්‍රචාරයක් ගෙනියනවා. මේ අපි කරන වැඩපිළිවෙළ පිළිගෙන ඒකට ගෞරව කර ඒක දිරිමත් කරනවා වෙනුවට ඒකට අගෞරව කරලා මේ වැඩපිළිවෙල යටපත් කරන්න තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. කවුරු මොනවා කිව්වත්, කෑගැහුවත් අපි අපේ ඉලක්කය කරා යනවා. කවුරු මොනවා කිව්වත් අපි විශ්වාස කරන්නේ අතිගරු ජනාධිපතිතුමාවයි. එතුමා ජයග්‍රහණය කරලා පැය 24ක් යන්න කලින් මේ රට පිරිසිදු කරන වැඩපිළිවෙළට අතගැහුවා. ඒ වගේම පරිසරය වෙනුවෙන් වෙනම පොලීසියක් හැදුවා. ඔවුන්ට ඒ වෙනුවෙන් සම්පූර්ණ බලය දීලා තියෙනවා, එනිසා පිරිසුදු රටක් පලවෙනි දවස් දෙක තුන යන්න ඉස්සරලා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් නිර්මාණය වුණා. ඒකට ගෞරවයක් දෙන්නේ නැතුව ඒකට අගෞරවයක් කරන්න තමයි විපක්ෂය හදන්නේ. රටක් සුද්ද කරගන්න බැරි වෙච්ච, කුණු ටික වෙලාවට ඇද ගන්න බැරිවෙච්ච යහපාලන ආණ්ඩුවේ හිටපු අසාර්ථක පාලකයෝ, රටේ ආර්ථිකය පාලනය කරගන්න බැරිව අසාර්ථක වෙච්ච අය රට පාලනය කරන හැටි අපිට කියලා දෙන්න හදනවා. ඔවුන් පහර දෙන්නේ මේවට ලැබෙන්න ඕන ගෞරවය යටපත් කරවන්න. අගෞරවය ගෙන එන වැඩපිළිවෙළ තමයි ඔවුන් ක්‍රියාත්මක කරන්න උත්සහ කරන්නේ.

බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තු පැමිණෙනවා යැයි තිබෙන කතාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

එතුමා පාර්ලිමේන්තුවට එනවා කියන කතාව එළියට ආවේ පසුගිය ඡන්දය ජයග්‍රහණය කරපු දවසේ ඉඳලා, එතුමා තාම පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඒකයි මේ හැමෝට තිබෙන ප්‍රශ්නය. එතුමා පාර්ලිමේන්තුවට එනකම් තමයි ඔක්කොම අය බලාගෙන ඉන්නේ. එන්නෙ නැති එක තමයි ප්‍රශ්නය.

ජනාධිපති පොදු සමාව යටතේ දුමින්ද සිල්වා මහතාව නිදහස් කරපු එක ගැන මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

දුමින්ද සිල්වා මහත්තයාට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා මම හිතනවා. අපි පැහැදිලිව දන්වා දුමින්ද සිල්වා මහත්තයාට විතරක් නෙමෙයි විශාල පිරිසක් දේශපාලන පළිගැනීම් වලට පසුගිය යහපාන සමයේ ලක් කෙරුවා. අපි දැක්කා දුමින්ද සිල්වා ගේ නඩුවේදී ශානි අබේසේකරට ඒවගේම තවත් විනිශ්චකාරවරුන්ට පැහැදිලිවම යහපාලන ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කතා කරපු හඬ පට වල්. ඒ වගේම ජනාධිපතිතුමාත් දේශපාලන කොමිසමක් පැවැත්වූවා. ඒකෙ යම්යම් සාක්ෂි වල දී අපිට දැනුණ දෙයක් තමයි කෙලින්ම අධිකරණයට අත ගහලා තියෙනවා කියන එක. යුක්තිය දේශපාලනයට යට කරලා තියනවා. ඒ නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපතිතුමා ඉතාමත් හොදින්, හදිසි වෙන්නැතුව හරියට හොයල බලල හරි උපදෙස් අරගෙන එතුමා නිවැරදි තීන්දුවක් අරන් තියෙනවා දුමින්ද සිල්වා වෙනුවෙන්. ඒ වගේම තවත් විශාල පිරිසක් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්, ගෞරවනීය මහා සංඝරත්නය, ත්‍රිවිධ හමුදාවේ අය, පොලිසියේ බුද්ධි අංශයේ අය, කලාකරුවෝ විශාල පිරිසක් දේශපාලන පළිගැනීම්වලට පසුගිය ආණ්ඩු සමයේ ලක් වුණා. ඒ සියලු දෙනාටමත් අතිගරු ජනාධිපතිතුමාගෙන් සාධාරණත්වයක් ඉටු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ජනතාව ඒ අසාධාරණයට එරෙහිව පෙළ ගැහිලා තමයි එදා ඡන්දය ලබා දුන්නේ. ඒ වැරදි කරපු අය ලක්ෂ ගානකින් පරද්දලා ගෙදර යැව්වා. මහමැතිවරණයේදී කවදාවත් බලාපොරොත්තු වෙන්නැති තුනෙන් දෙකකට ආසන්න ජයග්‍රහණයක් අපට ලබා දුන්නා. ඒ නිසා පනස්පන් ලක්ෂයක් මේකට අද දොස් කියනවා. අතිගරු ජනාධිපතිතුමා ගත්ත නිවැරදි තීන්දුව එක්ක අපි කෙලින් හිටගන්නවා කියලා මම පැහැදිලිව කියනවා

තෙල් මිල සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා

විවිධ පාර්ශවයන් විවිධ දේවල් කියනවා. අපි බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. විවිධ පාර්ශවයන් එක මතයක නොවෙයි සිටින්නේ. ඔවුන් විවිධ දේවල් කියනවා. අපේ රජයේ ඉන්න විවිධ පක්ෂ විවිධ දේවල් කියනවා. හැබැයි මතක තියාගන්න අපි යන්නේ එක ඉලක්කයකට. තෙල් මිල අඩු වෙනවා කියලා රජය කියලා නැහැ. තෙල් මිල වැඩි වෙනකොට කියන්නෙත් නැහැ. තෙල් මිල අඩු වෙනකොට කියන්නෙත් නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැමතැනම කිය කිය අඬ බෙර ගගහා ගගහා තෙල් මිල අඩු වැඩි කරන්නේ නැහැ. ඒවා රාජ්‍ය රහස්. රාජ්‍ය රහස් අඬ බෙර ගගහා කියන්නේ නැහැ. කූඨ වෙළෙන්දෝ හංගගෙන නොයෙක් දේවල් කරනවා. ඉතිහාසයේ ඉඳන්ම එහෙම තමයි. මම වෙළෙඳ ඇමැති වෙලා ඉන්නකොට ඔය වගේ දේවල් සිචු වුණා. ඒවා කාටවත් කියන්නෙත් නෑ. ඕක තමයි රහස් කියන්නේ. එහෙම දේවල් කලින් එළියට යනවා නම් කූඨ වෙළෙන්දෝ කෝටි ගානක් උපයා ගනී.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් රංජිත් දිසානායක, එන්.ඩි.බි. බැංකුවේ අධ්‍යක්ෂ/සමූහ විධායක නිලධාරී ඩිමන්ත සේනාරත්න, වත්කම් කළමනාකරණය හා ආදායම් අංශයේ අධ්‍යක්ෂ රසාංගනී පරණගම මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගි වූහ.

– මාධ්‍ය ඒකකය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දුමින්ද සිල්වාට සාධාරණයක් වුනා.. ජනාධිපති හරියට හොයල බලලයි සමාව දුන්නේ…
දුමින්ද සිල්වාට සාධාරණයක් වුනා.. ජනාධිපති හරියට හොයල බලලයි සමාව දුන්නේ…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEik3HF1_CJA7ZWtIWe4nPQfOSXjx0jZ27tkeX3a3enFhrv_uutzkxnnDDu4pCtxQHKhaAa5mqInhKMMyHmaNBSRvyyqHq2-KogaUsgao2fWD8aflaZkBp9pBLSP6LbLizbPyw-xTgvYS4c/s320/jons.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEik3HF1_CJA7ZWtIWe4nPQfOSXjx0jZ27tkeX3a3enFhrv_uutzkxnnDDu4pCtxQHKhaAa5mqInhKMMyHmaNBSRvyyqHq2-KogaUsgao2fWD8aflaZkBp9pBLSP6LbLizbPyw-xTgvYS4c/s72-c/jons.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_308.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/06/blog-post_308.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy