දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ඇමැති මණ්ඩලය කණපිට හරවයි? රනිල්, මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි - සිදුකරන වෙනස මෙන්න
Homeප්‍රවෘත්ති

ජනපති ඇමැති මණ්ඩලය කණපිට හරවයි? රනිල්, මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි - සිදුකරන වෙනස මෙන්න

PropellerAds

අද හෝ හෙට මෙම සංශෝධනය සිදුවිය හැකි බවත් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදුවිය හැකි බවත් රජයේ ආරංචි ම...

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල් යොදවලා - මොහොමඩ් මුසම්මිල්
අනිල් ජාසිංහ තණකොළ කපන්න..අමල් හර්ෂ පුන්නක්කු දියකරන්න දාල..රටට කවදාවත් මෙහෙම වෙලා නෑ..රට ඉවරයි - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි - (video)
ජනපති ඇමැති මණ්ඩලය කණපිට හරවයි? රනිල්, මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි - සිදුකරන වෙනස මෙන්න

අද හෝ හෙට මෙම සංශෝධනය සිදුවිය හැකි බවත් මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන අමාත්‍ය ධුර කිහිපයකම වෙනස්කම් සිදුවිය හැකි බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ මංගල සමරවීර ඇමැතිවරයාගේ මුදල්, කබීර් හෂීම් ඇමැතිවරයාගේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන, මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ ජාත්‍යන්තර වෙළඳාම, සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතික ආර්ථික ප්‍රතිපත්ති යන අමාත්‍යාංශ හතරම වෙනස් වීමට ඉඩ ඇති බවයි.

එම අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙන්ම ලේකම්වරුන් ද වෙනස් වීමට ඉඩ ඇති බව වාර්තා වේ.

දැනට, ආර්ථික කළමනාකරණයේ පවතින පවතින දුර්වලතා මගහරවා ගැනීම එහි අරමුණ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද, ඒ ඒ අමාත්‍යාංශ යටතේ පවතින ආයතනද වෙනස් වීමට ඉඩ තිබේ.

2015දී මේ අමාත්‍යාංශ වෙන් කර ගෙන තිබුණේ කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැතිව වන අතර, මේ වන විට මේ තත්ත්වය වෙනස් විය යුතු බවට ජනාධිපතිවරයාට හිතවත් දේශපාලන නායකයින් පෙන්වා දී ඇතැයි වාර්තා වේ.

සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනය වත්මන් රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලෙස සැළකේ.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දරන අමාත්‍ය ධුර ද ඇතුලුව මේ වනවිට රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 47 කි.

ඒ අතර ජනාධිපතිවරයා ද ඇතුලුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 15 ක් වන අතර අග්‍රාමාත්‍යවරයාද ඇතුලුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 32 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරනු ලබයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් 22 ක් වත්මන් අමාත්‍ය මණ්ඩලයේ සිටින අතර, ඉන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ 11 එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලැබේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් 11 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්ද තවත් රාජ්‍ය අමාත්‍යවරුන් 12 ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 30 කට සීමා කර ඇති අතර රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 කට සීමා කර තිබේ.

කෙසේ වෙතත් වත්මන් රජය එම සීමාව ඉහළ දමනු ලැබුවේ ජාතික ආණ්ඩු ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුවය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ඇමැති මණ්ඩලය කණපිට හරවයි? රනිල්, මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි - සිදුකරන වෙනස මෙන්න
ජනපති ඇමැති මණ්ඩලය කණපිට හරවයි? රනිල්, මංගල, කබීර්, මලික්ගේ ඇමැතිධූර වෙනස්වෙයි - සිදුකරන වෙනස මෙන්න
http://am.lk/media/k2/items/cache/d7f90297e003bd4898f95e4b8f9fd682_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_788.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_788.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy