කොළඹ අංක 138 හයිලෙවල් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ බොහෝමයක බස් රථ සේවකයින් වැඩිදෙනෙක් මත් පුවක් පාවිච්චියට ඇබ්බැහි වී සිටින බවට මගීන් ...
කොළඹ අංක 138 හයිලෙවල් මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ බොහෝමයක බස් රථ සේවකයින් වැඩිදෙනෙක් මත් පුවක් පාවිච්චියට ඇබ්බැහි වී සිටින බවට මගීන් චෝදනා එල්ල කරයි.
ඔවුන් ප්‍රකාශ කරන්නේ වැල්ලවත්ත රෙදි මෝල ප්‍රදේශයේ දී පෙට්ටි කඩයක් අසල නවතා යන එන සෑම විටකම බස් රථ සේවකයින් මත් පුවත් ලබාගන්නා බවත් ඒවා ප්‍රසිද්ධියේම බස් රථ රියදුරු අසල තබා ගන්නා බවත්ය.
මාර්ග අංක 138 හෝමාගම, කොට්ටාව, මහරගම, අතුරුගිරිය හා මත්තේගොඩ බස් රථ සේවකයින් විශාල පිරිසක් දිනපතා රාජකාරියේ යෙදී සිටින්නේ මත් පුවක් පාවිච්චි කිරීමෙන් බවත් ඒ පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති බවත් මගීන් කියාසිටී.
මේ පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධිය පිළිබඳව තමා පෞද්ගලිකවම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවයි.
COMMENTS