2015 පසු යහපාලන ආණ්ඩු සමයේ නඩු පැවරූ දෙදෙනෙක් වන්නේ කපිල චන්ද්‍රසේන සහ උදයංග වීරතුංගයි. ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් කපිල...
2015 පසු යහපාලන ආණ්ඩු සමයේ නඩු පැවරූ දෙදෙනෙක් වන්නේ කපිල චන්ද්‍රසේන සහ උදයංග වීරතුංගයි.
ශ්‍රීලංකන් ගුවන් යානා මිලදී ගැනීමක් සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන චෝදනා ලැබූ අතර මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් උදයංග වීරතුංගට චෝදනා එල්ල වුණා.
දැන් කපිල චන්ද්‍රසේන ජිවිතයෙන් පලාගොස් අවසානය. මේ අතර කපිලගේ සමුගැනීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලියමින් උදයංග වීරතුංග බියකරු කතාවක් කියා තිබේ.
ඒ " අප දෙදෙනා මුහුණදුන් සියලු අත්දැකීම් අතරින්, අද ඔබ අපෙන් සමුගෙන, කාටත් හොරෙන් තනිවම යන පළමුවන්නාද, අන්තිමයාද ඔබ නොවන බව සටහන් කර තබමි " යනුවෙනුයි.
එම සටහන සම්පුර්ණයෙන් පහතින් දැක්වෙනවා.
උපුටා ගැනීම
' මා මිත්‍ර කපිල!
මා ඔබව පළමු වරට හඳුනාගත්තේ කොළඹ කැප්රි ක්ලබ් එකේදීය. එදා ඔබ දුරකථන සංනිවේදන ක්ෂේත්‍රයේ සක්‍රීයව නිරත වූ පුද්ගලයෙකි. පසුව ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ–මොස්කව් ගුවන් සේවාව ආරම්භ කිරීම සඳහා ඔබ ලබාදුන් සහයෝගය, රුසියානු සංචාරක ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ මතකයේ සදා රැඳී සිටිනු ඇත.
2015 පසු යහපාලන ආණ්ඩු සමයේ දේශපාලන ගොදුරක් ලෙස ඔබට මෙන්ම මටද වසර 11කට අධික කාලයක් පුරා විවිධ චෝදනා එල්ල කෙරිණි. ඔබට එයාර්බස් ගනුදෙනුව මෙන්ම මිග් ගනුදෙනුව සම්බන්ධයෙන්ද, මා හට රතු නිවේදන නිකුත් කරනු ලැබුවේ සම්මත නීතිමය ක්‍රියාපටිපාටිවලින් බැහැරව ක්‍රියා කළ එම නඩය විසිනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 2020 පෙබරවාරි 14 දා ශ්‍රී ලංකාවට පැමිණි මා, මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. එදා වැලිකඩ බන්ධනාගාරයේ පළමු රාත්‍රිය ගතකළේ ඔබත්, රංජන් රාමනායකත් සමඟ එකම සිරමැදිරිය තුළ බව මට කිසිදිනක අමතක නොවනු ඇත.
වැලිකඩ රිමාන්ඩ් භාරයේ සිටි අප දෙදෙනාටම කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගැනීමට සිදුවූයේද එම රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා ඉදිරියේමය. එසේ ඇප මත නිදහස්ව සිටියද, වසර ගණනාවක් පුරා අයුක්තියට එරෙහිව නිහඬ සටනක් ගෙනගිය කපිල චන්ද්‍රසේන අද ජීවිතක්ෂයට පත්ව ඇත.
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලෙස පත්වූ මුල් කාලයේ, ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඇමරිකාවට ඇතුල්වීමේ සම්බාධක පනවනු ලැබුවේද අප දෙදෙනාටය. අහම්බයක්ද නැද්ද යන්න මා නොදනිමි. එසේ 2024 දී එම තහනමට ලක්වූ 12 දෙනා අතරින් ශ්‍රී ලංකාවෙන් එවැනි සම්බාධකයකට ලක්වූයේ අප දෙදෙනා පමණක් වීම විශේෂත්වයකි.
මෙතෙක් රෙජීම් දේශපාලනයට එරෙහිව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණ සහ පීඩන හමුවේ අප දෙදෙනා මුහුණදුන් සියලු අත්දැකීම් අතරින්, අද ඔබ අපෙන් සමුගෙන, කාටත් හොරෙන් තනිවම යන පළමුවන්නාද, අන්තිමයාද ඔබ නොවන බව සටහන් කර තබමි.
උදයාංග වීරතුංග'
උපුටා ගැනීම අවසන්
- facebook
මේ පුවත තව අයට බලන්න

COMMENTS