දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව රැස්වෙයි

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ ක...

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව රැස් වේ.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමට අවශ්‍ය වන නීති සංශෝධනය කිරීම පිළිබඳ මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූ අතර, එම නීති සංශෝධනවල අවසාන අදියර කඩිනමින් සම්පූර්ණ කිරීමටත් අවධානය යොමු විය.

මෙහිදී අදාළ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ යෝජිත නීති සංශෝධන සහ එහි නෛතික රාමුව ජාතික සභාවේ අවධානයට ලක් කරන ලදී.

අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු අතර, ඒ පිළිබඳව ජාතික සභාවේ අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

අදාළ නව සංශෝධන ඉදිරියේදී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

නිශාන්ත ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්, සිවා ශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීහුද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30203,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව රැස්වෙයි
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ජාතික මෙහෙයුම් සභාව සහ අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාදයකින් තොරව විනාශ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුව රැස්වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK0bRqWEZTFhCwjbpymZRwy1lQAxH446ooJl4xey38BZqHUNqu8znLUFTkB2OwztTVxQX9AqcUzin-qEdG56xrovJZ7ff6R4t8iZpES3Xv8eYEIhke2foCBw59WwnXXlQeRGwmW1TP6zVe6H59QkLxMFJTqGLt0w9O46H0B5qr-YkYA9sdsYXCZ-qmhAA-/s320/sangeth.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiK0bRqWEZTFhCwjbpymZRwy1lQAxH446ooJl4xey38BZqHUNqu8znLUFTkB2OwztTVxQX9AqcUzin-qEdG56xrovJZ7ff6R4t8iZpES3Xv8eYEIhke2foCBw59WwnXXlQeRGwmW1TP6zVe6H59QkLxMFJTqGLt0w9O46H0B5qr-YkYA9sdsYXCZ-qmhAA-/s72-c/sangeth.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/blog-post_351.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/blog-post_351.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy