දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජනපතිගේ අනුරුවකට ගල් අගුරු කවමින් විරෝධතා.

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධියට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් අද (10) දින පාර්ලිමේන්තු පිවිසු...

බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීමේ සිද්ධියට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සංවිධානය කළ දැවැන්ත විරෝධතාවක් අද (10) දින පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල පිහිටි පොල්දූව මංසන්ධියේදී පැවැත්විණි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට සහ රජයට එරෙහිව මෙහිදී විරෝධතාකරුවන් දැඩි ලෙස සිය විරෝධය පළ කළහ.

විරෝධතාව අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර, විරෝධතාකරුවන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අනුරූ සදාගෙන විත් ඒවාට ගල් අඟුරුවලින් පහර දෙමින් තම විරෝධය ප්‍රකාශ කරනු ලැබීය.

"මේවා තමයි අනුරලා හොරෙන් කෑවේ", "කොමිස් ගහපු ගාන කියපන්" යනුවෙන් සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් චෝදනා කළේ මහජනතාවගේ බදු මුදල් මෙලෙස මහා පරිමාණ වංචාවන් හරහා අවභාවිත වන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන් පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය මාර්ග බාධක යොදා එය වළක්වනු ලැබීය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ මෙය ඉතිහාසයේ සිදුවූ දැවැන්තම වංචාව බවත්, අදාළ අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් ඔහු ද මෙම වංචාවට වගකිව යුතු බවත්ය.

මෙම ගල් අඟුරු වංචාව හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයන්ට දැඩි බරක් පැටවෙන බවත්, මෙම දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ඉදිරියටත් මුළු රටම පෙළගස්වමින් සටන් වදින බවත් විරෝධතාකරුවෝ මෙහිදී අවධාරණය කළහ.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30127,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ අනුරුවකට ගල් අගුරු කවමින් විරෝධතා.
ජනපතිගේ අනුරුවකට ගල් අගුරු කවමින් විරෝධතා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTB_-OmJ-xI1o2JzJ4rvldRUu_ElosTKQF9tYb6Xyy2u1MEXBm0_4P_UVRcaZSktk53cbvrkFZHw9Lr9-uApUhkcKXY575b0J01hw8d0wXEYok762_QbVtJhNZt2-LG7Z3j2w_yqTR4S7tYUk09PmKmnD7hgoTKiRixQrjbX9K8E2CZY40UVcydkU7CHG8/s320/galaa.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhTB_-OmJ-xI1o2JzJ4rvldRUu_ElosTKQF9tYb6Xyy2u1MEXBm0_4P_UVRcaZSktk53cbvrkFZHw9Lr9-uApUhkcKXY575b0J01hw8d0wXEYok762_QbVtJhNZt2-LG7Z3j2w_yqTR4S7tYUk09PmKmnD7hgoTKiRixQrjbX9K8E2CZY40UVcydkU7CHG8/s72-c/galaa.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy