දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවන විටත් බාල ගල්අගුරු ගෙනා සමාගම ලියාපදිංචි වෙලත් නෑ

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්...

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට, ටෙන්ඩරය හිමිවූ ට්‍රයිඩන්ඩ් සමාගම සිය ලියාපදිංචිය හෝ සම්පූර්ණ කර නොතිබූ බව 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තා වෙන් හෙළිව තිබේ.

එසේම, ශ්‍රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්‍රශ්නගත ට්‍රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්‍ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ.

විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගියදා ජාතික විගණන කාර්යාලයට කළ දැනුම්දීමකට අනුවය.

2025 / 2026 වාරය සඳහා නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගල්අඟුරු මිලදී ගැනීමේදී එම ප්‍රසම්පාදනයෙහි මෙන්ම මිලදීගත් ගල්අඟුරු අපේක්ෂිත ප්‍රමිතියට නොතිබීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.

ඒ අනුව ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය සහ 2025 / 2026 වාරය සඳහා ගල්අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, ජාතික විගණන කාර්යාලය මගින් මේ වනවිට නිකුත්කර තිබේ. 

එහි දැක්වෙන්නේ, මෙම ප්‍රසම්පාදනයේදී ලංසු කැඳවීම සඳහා දැන්වීම් පළ කළ දිනය වනවිට ලියාපදිංචිය සම්පූර්ණ කරන ලද සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීම සිදුකරන බව එම දැන්වීමේ පැහැදිලිව සඳහන් කර තිබූ බවය.

එසේවුවද එම දිනය වනවිට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කරනොගත් සැපයුම්කරුවන් තිදෙනෙකුටද ලංසු යැවීමට කටයුතු කර තිබූ අතර, මෙම ප්‍රසම්පාදනයට තෝරාගත් ට්‍රයිඩන්ට් සමාගම ද එදින වනවිට ලියාපදිංචිය තහවුරු කර නොතිබූ බව විගණකාධිපතිවරයා නිරීක්ෂණය කර තිබේ.

මිලදීගත් ගල්අඟුරු ලක්විජය බලාගාරයට උචිත ප්‍රමිතීන්ගෙන් සමන්විත වේදැයි පැටවුම් වරායේදී හා ගොඩබෑම් වරායේදී ස්වාධීන පරීක්ෂකයෙකු මගින් පරික්ෂාවකට ලක්කරනු ලබන අතර, පැටවුම් වරායේදී විකුණුම්කරු පත්කරන ලද Mitra SK South Africa හිමිකාරි සමාගමට අවශ්‍ය කරන ප්‍රමිතින්වලට යටත්ව ගල්අඟුරු සාම්පල පරික්ෂා කිරීම සඳහා ප්‍රතීතනතාවයක් නොතිබුණු බැවින් ඒ වෙනුවෙන් පරික්ෂණ වාර්තාව නිකුත් කිරීමට 2025 වසරේ දෙසැම්බර් 29 වැනි දින වනවිට බලපත්‍රය අවලංගු වූ PT Mitra SK Analisa Testama Samarinda නම් ඉන්දුනීසියානු සමාගමකට පවරා තිබේ.

කෙසේවෙතත් අදාළ සමාගමේ බලපත්‍රය 2026 වසරේ මාර්තු 31 වැනිදා වනවිටත් යාවත්කාලීන කර තිබුණු බවට විගණනයේදී කරුණු අනාවරණය වී නොමැත.

කෙසේවුවද ලැබී තිබුණු නැව්තොග 12ටම අදාළ පැටවුම් වරායෙහි වාර්තා ප්‍රතීතනතාවයක් නොමැති බව හඳුනාගන්නා ලද Mitra SK South Africa හිමිකාරි සමාගම විසින් නිකුත් කර ඇති බව විගණන වාර්තාව පෙන්වා දී තිබේ.

ඒ අනුව වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පැටවුම් වරායේ පරීක්ෂණ වාර්තා සහ ලක්විජය බලාගාරයේ ප්‍රධාන පාලන ඒකකයෙන් ලබාගන්නා දත්ත අතර පරස්පරතා පැවතියදීත් පැටවුම් වරායේ වාර්තා සම්බන්ධයෙන් තහවුරුවක් ලබාගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට විකල්ප අවස්ථා කිහිපයක් තිබුණද ඒ කිසිවක් භාවිත කිරීමට එම සමාගම කටයුතු කර නොමැති බවයි.

එමෙන්ම වසර පුරා ශ්‍රී ලංකාවට ගල්අඟුරු ගොඩබෑමට නොහැකි වීම නිසා මෙරටට ගල්අඟුරු සපයාගත හැකි කාල සීමාවේ උපරිම වශයෙන් එය සිදුකළ යුතු වුවත් එම අවස්ථාව පැවති 2025 වසරේ නොවැම්බර් 13 සිට දෙසැම්බර් 30 දක්වා දින 40ක කාලයේ කිසිඳු ගල්අඟුරු නැව්තොගයක් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවන පරිදි ප්‍රසම්පාදනය සිදුකිරීමට ලංකා ගල්අඟුරු සමාගම අපොහොසත් වී ඇතැයි විගණකාධිපතිවරයා පෙන්වා දී ඇත.

අනතුරුව, නියමිත ප්‍රමාණයට අඩුවෙන් නැව් පැමිණීම නිසා මේ වසරේ මාර්තු 18 වැනිදා ක්ෂ්‍ණික ප්‍රසම්පාදනයකින් ගල්අඟුරු මිලදී ගැනීමට සිදුවී තිබුණු අතර එහිදී තෝරාගත් Taranjot Resource පුද්ගලික සමාගම ද තම ලියාපදිංචිය ලබාගන්නා අවස්ථාවට පෙර මාස 36ක කාලය තුළ ලක්විජය බලාගාරයේ දළ තාපජනන අගය ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝකැලරි 5,900 හෝ ඊට වැඩියෙන් සැපයීමට අපොහොසත් වී තිබූ සමාගමක් බවද විගණකාධිපතිවරයා මෙම වාර්තාවෙන් හෙළිදරව් වී තිබේ. 

මෙම තත්ත්ව සැලකූවිට නියමිත කාලයට ගල්අඟුරු නැව් ගෙන්වාගැනීමට නොහැකිවීමත්, ඉදිරියේදී ඇතිවිය හැකි පාලනය කළ නොහැකි තත්ත්ව මත ලක්විජය බලාගාරයේ අවශ්‍යතාවට ගල්අඟුරු ප්‍රමාණවත් නොවුණහොත් අඛණ්ඩ විදුලිබල සැපයුමකට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විගණනකාධිපතිවරයා මෙම විශේෂ විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ විගණන වාර්තාව පහතින්,


COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30130,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවන විටත් බාල ගල්අගුරු ගෙනා සමාගම ලියාපදිංචි වෙලත් නෑ
ගල්අඟුරු මිලදී ගැනීමට ලංසු කැඳවන විටත් බාල ගල්අගුරු ගෙනා සමාගම ලියාපදිංචි වෙලත් නෑ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja7aGjx4_iu40mcQoyZvcA_1dPBC3_Whe6ZDGF3JQbtVAl73ohXecv3aqtVyeYLsihh9QppoHSu9NIwfqYbx2V__XNcetCe9Q8WpP_eEId_OM-mr28MZ1AIUX5G53m2Encohh0u4HgQCtXsFyp7LKCF5E41r5ABdWuK3hRlNgL51vb9SjkrelV25dLrP0f/s320/gal-aguru.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEja7aGjx4_iu40mcQoyZvcA_1dPBC3_Whe6ZDGF3JQbtVAl73ohXecv3aqtVyeYLsihh9QppoHSu9NIwfqYbx2V__XNcetCe9Q8WpP_eEId_OM-mr28MZ1AIUX5G53m2Encohh0u4HgQCtXsFyp7LKCF5E41r5ABdWuK3hRlNgL51vb9SjkrelV25dLrP0f/s72-c/gal-aguru.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_523.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/04/blog-post_523.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy