දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

MAS හි 26,000කට රස්සා නැතිවීමට යයි; තවත් ෆැක්ට්‍රි 2ක් ළඟදීම ඉවරයි

අමලීන් පවුලට අයත් MAS Holdings සමූහ ව්‍යාපාරයේ තවත් කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමටත්, එක් කර්මාන්ත ශාලාවක සේවකයන් අඩු කිරීමටත් එහි පාලානාධ...

අමලීන් පවුලට අයත් MAS Holdings සමූහ ව්‍යාපාරයේ තවත් කර්මාන්ත ශාලා දෙකක් වසා දැමීමටත්, එක් කර්මාන්ත ශාලාවක සේවකයන් අඩු කිරීමටත් එහි පාලානාධිකාරිය තීන්දු කර ඇතැයි වාර්තා වේ.

අදියර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිත සේවක කප්පාදුවේ සැලැසුම්වලට අනුව එය සිදු කිරීමට නියමිත බවද පැවසේ.

මේවන විට MAS Holdings සමූහ ව්‍යාපාරය තුළ සේවය කරනු ලබන සේවක සේවිකාවන් 96,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවත්, එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට නම් එහි සේවක පිරිස 70,000 ක් දක්වා සේවක සේවිකාවන් 26,000කට ආසන්න පිරිසක් ඉවත් කළ යුතු බවත් වාර්තා වේ.

මේ අනුව මුලින්ම MAS Holdings සමූහ ව්‍යාපාරයට අයත් හුදෙකලා කර්මාන්ත ශාලා වසා දැමීමේ සැලැසුම යටතේ පසුගියදා වසා දැමුණු තුල්හිරියේ MAS ෆැබ්රික් පාර්ක් හි පිහිටා ඇති MAS Kreeda Methliya ත් ඉන් පසුව ඉදිරියේදී වානවිල් හි පිහිටි MAS KREEDA Vaanavil කර්මාන්ත ශාලාවත් වසා දැමීමට නියමිත බව පැවසේ.
ඉන් පසුව MAS Active ලෙස වෙළඳ කලාපවල ස්ථාපිත කර්මාන්ත ශාලා වසා දැමීමට සැලැසුම් කර ඇති බව MAS Holdings අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ අතර රත්නපුර පාරේ හොරණ පිහිටි, MAS Bodyline හි සේවක කප්පාදුවක් ද සිදු කිරීමට සැලැසුම් ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, මේවා වසා දැමීමේදී සේවකයන්ට තුන් මසක වැටුප් ගෙවීම, වෙනත් කර්මාන්ත ශාලාවකට රැකියා අවස්ථා ලබා දීම හා වන්දි ගෙවීම යන අවස්ථා MAS Holdings සමූහය විසින් සේවක සේවිකාවන්ට යෝජනා කිරීම ද සිදුකිරීමට නියමිතය.

ප්‍රයෝගික නැති රැකියාමාරු

කෙසේවුවද, ඉකුත් කාලයේදී MAS හි කර්මාන්ත ශාලා වසා දැමීමේදී එහි සේවකයන්ට වෙනත් කර්මාන්ත ශාලාවලින් රැකියා ලබා දීමට යෝජනා ලැබුණ ද ඒවා ප්‍රායෝගික නොවන බව ඉන් ඉවත්ව ගිය නම කීමට අකමැති සේවකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ පැවසී.

ඒ ඇතැම්විට වසා දමන්නේ තුල්හිරියේ කර්මාන්ත ශාලාවක් නම් ඔහුට රැකියා අවස්ථාව හිමිවන්නේ රත්නපුරේ කර්මාන්ත ශාලාවකින් වීම නිසාය.

මෙව්වා වර්ල්ඩ් බ්‍රෑන්ඩ් හෑල්ලුවෙන වැඩ

MAS හි කර්මාන්ත ශාලාවල අවසන් නිමැයුම් බවට පත්වන්නේ ලෝක ප්‍රසිද්ධ Victoria’s Secret, Nike, Adidas, Lululemon, Calvin Klein හා Tommy Hilfiger වැනි ඇඟලුම් සන්නාමයන්ය.

කෙසේවුවද, මේ සම්නාමයන් සිය සේවක අයිතීන් සම්බන්ධයෙන් ඉතා ඉහලින් කටයුතු කරද්දී ඔවුන්ගේ අවසන් නිමැවුම් සිදුකරණ MAS වැනි ආයතන සිය සේවකයන්ගේ රැකියා සුරක්ෂාතභාවය සම්බන්ධයෙන් ඉදිරි දැක්මක් නොවීම ගැටලුකාරී බව ඇඟලුම් ක්ෂේත්‍රයේ ප්‍රවීනයෝ කියති.

MAS හි යූනියන් නැහැ

මේ අතර, MAS කර්මාන්ත ශාලාවල වෘත්තීය සමිති සපුරා තහනම් වේ. මේ තත්ත්වය හේතුවෙන් සේවක රැකියා අයිතීන් වෙනුවෙන් සමූහයක් ලෙස පෙනී සිටීමට බාධා ඇතිව තිබේ.

BOI සහන –  රිස්ස අරන් රොඩ්ඩ විසිකිරීම

මේ අතර, MAS හි කර්මාන්ත ශාලා ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතියට යටත්ව වන අතර ඒ අනුව ඒවා සඳහා හිමිවූ අසීමිත බදු සහන හේතුවෙන් මේවන විට අදාළ සමාගම කර්මාන්ත ශාලා වසා දැමුවද ඒවායින් අති විශාල ලාභයක් ලබා ඇති බව පැවසේ.

ලංකාවෙන් වැහෙන ෆැක්ට්‍රි ඉන්දියාවට

මෙරටින් වසා දැමෙන බොහෝ කර්මාන්ත ශාලා ඉදිරියේදී ඉන්දියාවේ ස්ථාපිත කිරීමට නියමිත බවද මේවන විට වාර්තා වේ. 

ඒ භූගෝලීය දේශපාලනයට අනුව එම සමාගම් සිය ලාභය තහවුරු කර ගැනීමට ගන්නා ඉදිරි සැලැසුම්වලට අනුවය.

ඉන්දියාව ලොව 4වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටවන අතර, එහි සේවක පිරිවැය ඉතා අඩුවන අතරම, තාක්ෂණය හා ජලය විදුලිය වැනි පිරිවැය ද මෙරටට සාපේක්ෂව ඉතා අඩුඅගයක් ගනී.

කොෆී විත් එඩිටර්ස්

මේ අතර, MAS කර්මාන්ත ශාලා මෙසේ වැසීයාමත් ඉන් අහිමිවන රැකියා සම්බන්ධයෙනුත් හිරිවැටුණ මනසකින් සිටීමට එම සමාගමේ ප්‍රධානීන් මෙරට ප්‍රධාන පුවත්පත් කර්තෘවරු ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් සමඟ සිදුකරනු ලබන ගනුදෙනු ඉවහල්ව ඇතැයි වෘත්තීය සමිති ප්‍රධානීන් ඇතුළු ඇඟළුම් ක්ෂේත්‍ර ප්‍රවීනයෝ චෝදනා කරති.

රජයේ වගකීම

රජයටත් මේ සම්බන්ධ වගකීමක් ඇතැයි පෙන්වා දෙන ඔවුන් ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් විසින් ආනයන බදු වැඩි කරද්දී ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් නොකළ බවට චෝදනා කරයි.

ඉන්දියාවට බදු අඩුවෙද්දී ලංකාවට එය හා සමානවීමට හෝ නොහැකිවූයේ ඒ නිසා බැව් ඔවුන්ගේ මතයයි.

ඒසේම, ද්වි පාර්ශවික හා බහු පාර්ශවික ගිවිසුම් පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දෙන අදාළ පාර්ශව ඒවා කඩිනම් නොවුන හොත් අනාගතය මීට වඩා දරුණු වනු ඇතැයි ඔවුහු කියති.
-srilankamirror

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30139,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: MAS හි 26,000කට රස්සා නැතිවීමට යයි; තවත් ෆැක්ට්‍රි 2ක් ළඟදීම ඉවරයි
MAS හි 26,000කට රස්සා නැතිවීමට යයි; තවත් ෆැක්ට්‍රි 2ක් ළඟදීම ඉවරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8lbkhRkR3rnaBfSsXq2G-uFN5eHzhxrG8jrjV-rALpq163zlxm28bfVCUg8TeKSwehpfzeRE2__bXqKOQP-vc4gzwMwqO5O547iDAOtzLCv5FSYp0CJ3n7NNgdkDfzYv-uc2_Ntrem4zOlhW3ysF3zhzNBmqk6hpAgiVjup3lsm1HtMr9Md_-2t79sH95/s320/MAS_Holdings.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg8lbkhRkR3rnaBfSsXq2G-uFN5eHzhxrG8jrjV-rALpq163zlxm28bfVCUg8TeKSwehpfzeRE2__bXqKOQP-vc4gzwMwqO5O547iDAOtzLCv5FSYp0CJ3n7NNgdkDfzYv-uc2_Ntrem4zOlhW3ysF3zhzNBmqk6hpAgiVjup3lsm1HtMr9Md_-2t79sH95/s72-c/MAS_Holdings.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/02/mas-26000-2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/02/mas-26000-2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy