මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අසාර්ථක ක්‍රීඩා විලාසයට විරෝධය පළ කරමින්, ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ල...
මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ අසාර්ථක ක්‍රීඩා විලාසයට විරෝධය පළ කරමින්, ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා ක්රිකට් ආයතනය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට ක්‍රීඩා ලෝලීන් සංවිධානය වෙමින් සිටී.
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ සඳහා මේ වන විටත් විශාල ප්‍රචාරණයක් දියත් කර ඇති අතර, දිවයිනේ නන්දෙසින් ක්‍රීඩා ලෝලීන් කොළඹට කැඳවීමට කටයුතු යොදා ඇත.
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉවතට විසිවීම මෙම විරෝධයට ප්‍රධාන හේතුව වී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තීරණාත්මක Super 8 තරග කිසිවක් ජය ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන් සහ තේරීම් කමිටුව වගකිව යුතු බව විරෝධතාකරුවන් අවධාරණය කරයි.
ක්‍රිකට් පරිපාලනයේ පවතින දුර්වලතා සහ ක්‍රීඩකයන්ගේ දක්ෂතා හීන වීම හේතුවෙන් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත පසුබෑමකට ලක්ව ඇති බවට ඔවුහු චෝදනා කරති.
මේ පුවත තව අයට බලන්න

COMMENTS