ආගමික සංහිඳියාවේ අවකාශය උතුරේ ජාතිවාදී දේශපාලනය විසින් අවභාවිතා කරන ආකාරය පිළිබඳකතාවක්.. අධිකරණ නියෝග හා රටේ නීතියවන පුරාවිද්‍යා ආඥා පනත ...
ආගමික සංහිඳියාවේ අවකාශය උතුරේ ජාතිවාදී දේශපාලනය විසින් අවභාවිතා කරන ආකාරය පිළිබඳකතාවක්.. අධිකරණ නියෝග හා රටේ නීතියවන පුරාවිද්‍යා ආඥා පනත මගින් ආවරණය කරන නීති රාමුව පයිසයකට මායිම් නොකර වවුනියාව නෙඩුන්කේණී වඩ්ඩමාන පබ්බත විහාර භූමියෙහි ලිප් බැඳ ගිනි මැල ගසා 15දා මහා ශිව රාත්‍රී පූජා පැවැත්වීමට පිරිසක් කටයුතු කර තිබේ.
වඩ්ඩමාන පබ්බත විහාරය පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් මෙන්ම මහාවංශය ඇතුළු වංශකතා මූලාශ්‍රවලින් නිශ්චිතව තහවුරු කළ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ සිට පැවත එන බෞද්ධ ආරාම සංකීරණයකි.
මෙම බෞද්ධ සිද්ධස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක වටිනාකම සහිතව සහශ්‍ර දෙකකට වඩා වැඩි කාලයක් පැවතුනේ ඉතිහාසයේ විවිධ වකවානුවල පැමිණි චෝල බලපෑම ඇතුළු ඉන්දීය ආක්‍රමණවලින් ද පීඩාවට පත් නොවෙමිනි. පසුගිය යුද සමයේ එල් ටීටීඊ සංවිධානයෙන් ද මේ පුදබිමට හානියක් සිද්ධ වූයේ නැත.
එහෙත් 2009 යුද්ධය අවසන් වී නැවත ජන ජීවිතය සාමාන්‍යකරණය වෙමින් පවතිද්දී උතුරේ ජාතිවාදී දේශපාලනයේ බලපෑම මත මේ පුදබිමට බලහත්කාරයෙන් ඇතුළු වී ඊට කිසිම පදනමක් රහිතව අයිතිවාසිකම් කියන උතුරේ දේශපාලකයින් කණ්ඩායමක් ප්‍රමුඛ කරගත් පිරිසක් මෙම ස්ථානය වෙඩුක්කුනාරී ආදී ලිංගේස්වර කෝවිල වශයෙන් හඳුන්වාගෙන එහි අයිතිය කියමින් විරෝධතා ප්‍රකාශ කළහ.
මේ ගැටුම සංකීර්ණ සිදුවීම දායමකින් පසු දැන් තිබෙන්නේ අධිකරණය ඉදිරියේය. අධිකරණ නියෝග අනුව මේ ස්ථානයේ කොටසකට ඇතුලුවීම තහනම්ය. එම නියෝගය නිකුත් කරන්නේ වවුනියාව මහාධිකරණය විසිනි. අධිකරණය විසින් තහනම් කර ඇති මෙම භූමියට ඇතුළු වූ හින්දූන් පිරිසක් ඊයේ එම භූමියට නීති විරෝධීව ඇතුළු වී කිරිබත් පිස පොංගල් කිරීම් කරණු ලැබීය.
මෙම කෝවිලේ අයිතිය සම්බන්ධයෙන් හා කෝවිලේදී පිළිපදිය යුතු නීති රීති සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩු තුනක් විභාග වන අතර මුලතිව් හා වවුනියාව දිස්ත්‍රික් අධිකරණ විසින් නිකුත් කරණ ලද තහනම් නියෝග රැසක්ද නඩු තීන්දු වල සදහන් වෙයි.
-lankasara

COMMENTS