ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට ව...
ඊසාන දිග මෝසම් සක්‍රීය විමත් සමග පසුගිය වර්ෂ 30 ක කාල සීමාවකට අදාලව ඊසාන දිග මෝසම් වර්ෂාපතන දත්ත සළකා බැලීමේදී උතුරු පළාත තුළ සාමාන්‍යයට වඩා වැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවත්, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සාමාන්‍යයට අගයට ආසන්න සහ බටහිර සහ දකුණු පළාත්වල සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු පුරෝකථන වලින් පෙනී යන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති බවත් විශේෂයෙන් දෙසැම්බර් සහ ජනවාරි මාසව ලදී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුය විසින් නිවේදනය කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනෙරාල් සම්පත් කොටුවේගොඩ මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙහි පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පෙන්වා දෙන ලදී.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇති පුරෝකථන අනුව සියළු තාක්ෂණික ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික මට්ටමින් මෝසම් පෙර සූදානම් කමිටුව රැස්කර සියළු පාර්ශවකාර ආයතන වෙත ඔවුන්ගේ වගකීම් සහ කාර්යභාරය සහ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කළ බවත් හදිසි අවස්ථාවකදි ක්ෂණිකව ක්‍රියාත්මකවීම සදහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් මුදවා ගැනීමේ කණ්ඩායම් අවශ්‍ය උපකරණ සහිතව සූදානම් කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරාය තවදුරටත් පෙන්වා දෙන ලදී.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වැසි නිසා පස් ස්ථර ජලයෙන් සංතෘප්ත වී ඇති බවත් සුලු වර්ෂාවත් දී හෝ ගංවතුර සහ නායයෑම් සිදුවිය හැකි බැවින් මහජනතාව ඒ් පිළිබද අවධානයෙන් කටයුතු කළ යුතු බවත් අදාළ ආයතන විසින් සපයනු ලබන උපදෙස් ර කෙරෙහි මහජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් තවදුරටත් පෙන්වා දෙන ලදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම සහ කාඩා පරිමාන ජලාශ සලකාබලන විට ජලාශ 80 ක් පමණ විවිධ මට්ටමින් හානිවී ඇති බවත් ඇල මාර්ග සළකාබලන විට ඇල මාර්ග 225 කට පමණ හානි සිදුවී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙහි අධ්‍යක්ෂ එල් එස් සූරියබංඩාර මහතා ප්‍රකාශ කරන ලදී. එසේම අමුණු 7-8 ක් පමණ හානි සිදුවී ඇති බවත් මේ වන විටත් මාවිල් ආරු ඇතුල් හානි වී ඇති ජලාශ කඩිනමින් සිදු කරමින් පවතින බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙන ලදී.
ඉදිරි දින වලදී ඊසාන දිගමෝසම් තත්ත්වය තුළ ඇතිවිය හැකි වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් වාරි පද්ධතිය කළමනාකරණ කරගැනීම සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 34 ක් මේ වන විටත් වාන් දමමින් පවතින බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් ප්‍රකාශ කරන ලදී. ඒසේම යාන්ඔය දැදුරු ඔය සහ සේනානායක සමුද්‍රය යන ජලාශවල වාන්දොරටු විවෘත කර ජලය අඩු කිරීම සිදු කරනු ලබන බවත් පෙන්වා දෙන ලදී. එබැවින් ගංගාවල ජල මට්ටම් වැඩි වී ඇති බවත් එය ගංවතුර මට්ට්මක් දක්වා වර්ධනය වීමක් එතුලින් සිදු නොවන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ විසින් තවදුරටත් පවසන ලදී. එසේම රටතුල ආහාර සුරක්ෂිතතාව සහතික කරගැනීම සඳහා ජල සම්බත කළමනාරකණය කළ යුතු බවත් පවතින කාලගුණික තත්ත්වය තුළ යම් අවදානම් තත්ත්වයක් පවතීනම් එය කළමනාකරණය කර ගැනීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත් ඒ මහතා තවදුරටත් දන්වා සිටින ලදී.
ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන නායයාම් දිස්ත්‍රික්ක 06 සහ ඊට යාබද දිස්ත්‍රිත්ත 8 ක් ඇතුලත්ව දිස්ත්‍රිත්ක 14 ක නායායෑම් අවදානම් දිස්ත්‍රිත්ක වශයෙන් හදුනාගෙන ඇති බවත් මෙම ප්‍රමාණය රටතුල මුළු භූමි ප්‍රමාණයෙන් 30% ක් පමණ වන බවත් ජනගහණය සළකා බලන විට 34% ක් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්න සේනාධීර මහතා පවසන ලදී. ස්ථානීය පරීක්ෂා කිරීම් අනුව නායයෑම් අධි අවදානම් කලාපය තුල ජීවත් වන පවුල් 15,000 ක් හදුනාගෙන ඇති බවත් අවසර ඉදිකිරීම් සහ නිසි පරීක්ෂාවකින් තොරව සිදු කර ඇති ඉදිකිරීම් සළකා බැලීමේ දී මෙම සංඛ්‍යාව මෙම ප්‍රමාණයට වඩා වැඩි බවත් වසන්ත සේනාධීර මහතා පෙන්වා දෙන ලදී. විශේෂයෙන්ම පවතින වර්ෂාපතනය සළකා බලමින් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබාදෙන නායායෑම් අවදානම් නිවේදන අනුව කටයුතු කිරීමේ වැදගත් කම පෙන්වා දුන් ඒ මහතා විශේෂයෙන්ම තමනිවස අධි අවදානම් කළපයක් තුළ පිහිටා ඇති බවට දැනුවත් කර ඇති නිවාස වල ජීවත් වන ජනතාව මේ පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බව සේනාධිර මහතා තවදුරටත් පෙන්වා දෙන ලදී.

COMMENTS