ලංකාවේ දේශපාලනය දැන් ඉතා ඉහළ තැනක පවතින බවත්, ඒ තැනට ගැලපෙන වේදිකාවක් රටට අවශ්‍ය බවත් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි. ව...
ලංකාවේ දේශපාලනය දැන් ඉතා ඉහළ තැනක පවතින බවත්, ඒ තැනට ගැලපෙන වේදිකාවක් රටට අවශ්‍ය බවත් කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි. වත්මන් දේශපාලනයේ උසස් තත්ත්වයට සාපේක්ෂව විපක්ෂයේ නුගේගොඩ රැළියේ කතාවල ගැඹුරක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගොඩනඟා ගැනීමට තරම් හරවත් අදහසක් නොමැති බව ඇමතිවරයා පවසයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ දේශපාලනය ඉල්ලන්නේ දැන් උස පනින විට ඇති 'බාර් එක'මෙන් ඉහළ තැනක පවතින බවයි. මේ තත්ත්වය ඇති වූයේ 2022 වසරේ සිදු වූ ජනතා නැගිටීමක් සහ ජන අරගලයක් හේතුවෙනි. මෙම ජන අරගලය නිසා සමාජ මානසිකත්වය වෙනස් වී ඇති අතර, ජනතාව තමන් පාර්ලිමේන්තුවට එව්වේ මෙවැනි දේ බලාගෙන නොවන බව දක්වන ප්‍රතිචාරවලින් පෙනී යන්නේ යයිද හෙතෙම කියයි.
එබැවින් සමාජය ඉල්ලන්නේ තමන්ට වඩාත් ගැඹුරක්, ශක්තිමත් බවක් සහ හොඳ කොලිටියක් සහිත වඩාත් හරවත්, වැදගත්, ශිෂ්ඨ සම්පන්න සංස්කෘතියක් සහිත දේශපාලනයකි. වර්තමාන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ ගියහොත් මාලිමාවේ පාලනයට වඩා මේ රටෙහි යන්නට ගැඹුරක් සහිත එක වචනයක්වත් වේදිකාවේදී නොමැති බව ඒ මහතා සඳහන් කරයි.
නුගේගොඩ රැළියේ කතාබහ විවේචනය කරමින් කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසන්නේ, අනාගත බලාපොරොත්තුවක් හදාගන්න කතාවක් නොමැති බව පෙනෙන බවයි. මෙම දේශපාලන විවේචනය කරන්නේ විවේචනයක් කිරීමේ ඕනකමටම නොවන බවත්, අවංකවම, ජනතාව බලාපොරොත්තු වන තත්ත්වයට එම දේශපාලන වේදිකා පැමිණ නැති බවත් ඔහු පෙන්වා දෙයි. සමාජයට ගත හැකි මෙලෝ දෙයක් රැළිවලින් නොමැති බවද ඒ මහතාගේ අදහසයි.
තවද, රැලියක් ගැන මාස දෙකක් කතා කිරීමම තේරුමක් නැති කතා පහක වැඩක් බවත්, රැලිය අවසන් වූ පසුවත් මේ ගැන කතා කිරීමට දේශපාලනයට කිසිවක් ඉතිරි වී නැති බවත් ඔහු පවසයි. මෙයින් ඔවුන්ගේ නොහැකියාව පෙන්නුම් කර අවසන් බව ඇමතිවරයා කියා සිටී.
විපක්ෂය පොදු අභියෝගයකට මුහුණ දීමට උත්සාහ කරන බවක් පෙනුණද, සියලු දෙනාම එයට එකතු වීමට උත්සාහ කළද, එය තවමත් සාර්ථක වී නැත.
ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි සලකා බලන විට විපක්ෂයේ අය අනිත් පැත්තේ අයගේ කකුලෙන් අදින බවක් පෙනෙන බව ඇමතිවරයා පෙන්වා දෙයි.
නාමල් ප්‍රවර්ධනය කිරීමට සමහර අය අකමැති වීම මෙහි ප්‍රධාන ගැටලුවකි. සමහර පාර්ශවයන් පවසන්නේ ඔවුන් ආවේ ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතාවට ඇති විරෝධය නියෝජනය කිරීමට මිස, කිසිවෙකු 'උස්සන්න' නොවන බවයි.
සජිත් මහතා රැළිවලට නොපැමිණීමට හේතුව, ඊළඟ පාර අපේක්ෂකයා තමා බවට වූ ඔහුගේ බලාපොරොත්තුව රැක ගැනීම බවත්, ඔහු මෙම වේදිකාවට පැමිණියහොත් සියලු දෙනා එක්ව නාමල් මහතාව උස්සනු ඇතැයි ඔහු සිතන බවත් කේ.ඩී. ලාල් කාන්ත මහතා ප්‍රකාශ කරයි.

COMMENTS