දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෙළිකරන VFS ඊ වීසා වැඩසටහනෙන් ඇත්ත කතාව..

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් ප්‍රකාර, රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ශ්‍රී ලංකාවට වීසා ලබාදීමේ ක්...

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කැබිනට් මණ්ඩලයට කරන ලද යෝජනාවක් ප්‍රකාර, රනිල් වික්‍රමසිංහ පාලනය විසින් ශ්‍රී ලංකාවට වීසා ලබාදීමේ ක්‍රමවේදය විදේශීය සමාගමක් එකතුකර ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු ආදයමක් නොලැබුන බව විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාව සඳහන් වේ.

ඒ පිළිබඳව Sunday Times පුවත්පත පළකරන ලද වාර්තාවක දැක්වෙන පරිදි, ඊ වීසා නිකුත් කිරීමට අදාළ සමාගමට අනුමැතිය ලැබීමෙන් පසුව ඊ වීසා නිකුත් කළ 2024 අප්‍රේල් 17 සිට අගෝස්තු 02 දක්වා කෙටි කාලය තුළ පමණක් සමාගම ලැබූ ආදායම ඩොලර් මිලියන 1.8කට (USD 1,820,418) නො අඩු විය හැකි බවයි.

විගණන වාර්තාව උපුටා දක්වමින් Sunday Times පුවත්පත පවසන පරිදි විදේශීය සමාගම (GBS Technology Services & IVS Global ± FZCO and VFS VF Worldwide Holdings Ltd) එතරම් ආදායමක් උපයද්දී ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරයට කිසිදු ආදායමක් ලැබී නොමැත.

විගණන වාර්තාවේ කරුණු අසත්‍යයි !

මෙම විවේචන සම්බන්ධයෙන් එවකට විෂය භාර අමාත්‍යවරයා වූ ටිරාන් අලස් මහතා ගෙන් කළ විමසීමකදී ඊට ප්‍රතිචාර දැක්වීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර සිටියේ, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන බැවින් මේ පිළිබඳව අදහස් දැක්වීම මේ අවස්ථාවේදී සිදුකල නොහැකි බව පවසමිනි.

ඒ අනුව, අප දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් කල විමසීමේදී සිය අනන්‍යතාවය හෙළිදරව් නොකරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු පැවසුයේ, VFS ඊ වීසා වැඩසටහනෙන් ආණ්ඩුවට සතයක්වත් නොලැබුන කතාව මුළුමනින්ම අසත්‍ය බවයි.

ඔහු ඒ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේ කරුණු පැහැදිලි කළේය.

'' 2022 ඔක්තෝම්බර් මාසයේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පැවරෙනවා. ඒවනවිට දින 30 ඊ විසා නිකුතුව සිදුකලේ මොබිටෙල් සමගම හරහායි. නමුත් රජය විසින් චිසා පුළුල් කිරීමට තීරණයක් ගන්නා ලදී. ඒ අනුව විසා කාණ්ඩ 12ක් හදුන්වා දීම සඳහා රෙගුලාසි වෙනස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගන්නා ලදී.

මෙම වැඩසටහන හා සම්බන්ධ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2024 වසරේදී අප්‍රේල් 16 වෙනිදා. එතෙක් සංචාරකයින්ට විසා නිකුත්කලේ දින 30 විසා සහ සාක් රටවල් සඳහා විසා පමණයි. රජය සාක් රටවල විසා සඳහා ඇමරිකානු ඩොලර් 35ක් අයකෙරුවා. අනෙකුත් රටවල සංචාරකයින්ගේ දින 30 විසාවක් සඳහා ගාස්තු වශයෙන් අයකෙරුවේ ඇමරිකානු ඩොලර් 50 ක් පමණයි.

මේ අතරේ සංචාරකයින් ප්‍රවර්ධනය සඳහා මාස 6, වසර, වසර 2- වසර 5, වසර 10 ආදී වශයෙන් වීසා කාණ්ඩ කිහිපයක් වහාම ආරම්භ කිරීමට රජයට අවශ්‍ය වුනා.

මොබිටෙල් සමාගම හරහා අලුත් කාණ්ඩ හදුන්වාදීම නොහැකි බැවින් නව ක්‍රමයක අවශ්‍යතාවය පැන නැගුණි.

2022 ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජන අමාත්‍යාංශය යටතට පැවරීමට පෙර VFS ආයතනය මගින් යෝජනාවක් ජනාධිපති කාර්යාලය හරහා සංචාරක අමාත්‍යංශයට ඉදිරිපත් කර තිබුණි. ඉන්පසු එම යෝජනාව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට යොමු කෙරුණි.

පාර්ලිමේන්තුවෙන් සම්මතකල විසා කාණ්ඩ 12 පවත්වා ගෙන යෑමට නව ක්‍රමයක් අවශ්‍ය වූ බැවින් VFS යෝජනාව අධ්‍යනනය කරන ලදී. ඒ අවස්ථාවේදී මොබිටෙල් සමාගම විසිනුත් මැලේසියානු සමාගමක් සමග නව යෝජනාවක් ඉදිරිපත් කරන ලදී.

මෙම යෝජනා දෙකම අධ්‍යනනය කිරීමෙන් පසු පෙනී ගියේ මොබිටෙල් නව යෝජනාව ලබා දී ඇත්තේ දින 30 හේ වීසා කාණ්ඩය පමණක් කල හැකි එකක් බැවින් එය සැලකිල්ලට ගත නොහැකි විය.

ජාත්‍යන්තර වශයෙන් පළපුරුද්දක් සහිත VFS සමාගමේ යෝජනාව, පත්කළ කමිටුව මගින් සාකච්ජා ගණනාවකින් පසුව, එයට අනුමැතිය ලැබෙනවා. ඉන්පසු එය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමෙන් පසු කැබිනට් අනුමැතිය ලැබෙනවා. ඒ අනුව VFS විසා වැඩසටහන 2024 අප්‍රේල් 16 වෙනිදා ආරම්භ කරනවා.

එතෙක් දින 30ක විසා වෙනුවට, මාස 6කට ඩොලර් 75 , වසරකට ඩොලර් 200 , වසර 2කට ඩොලර් 300 , වසර 5කට ඩොලර් 500 , වසර 10 කට ඩොලර් 1000 ආදී වශයෙන් අලුතින් හඳුන්වාදුන් කාණ්ඩ යටතේ සංචාරකයින්ගෙන් රජයට ගාස්තු අයකිරීම ආරම්භ කළා.

ඒ අනුව,

* 2024 අප්‍රේල් 16 වෙනිදා සිට දවස් 14කදී අලුත් කාණ්ඩ යටතේ පමණක් ඩොලර් මිලියන 1.4 ක අමතර අදායමක් රජයට ලැබුනා.

* මැයි මාසයේදී අලුත් කාණ්ඩ යටතේ පමණක් ඩොලර් මිලියන 1.5 ක අමතර අදායමක් රජයට ලැබුනා.

* ජුනි මාසයේදී අලුත් කාණ්ඩ යටතේ පමණක් ඩොලර් මිලියන 1.2 ක අමතර අදායමක් රජයට ලැබුනා

* ජුලි මාසයේදී අලුත් කාණ්ඩ යටතේ පමණක් ඩොලර් මිලියන 1.2 ක අමතර අදායමක් රජයට ලැබුනා

මෙම ගිවිසුම අභියෝගයට ලක් කරමින් ගොනු කරන ලද පෙත්සම් විභාගයට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 අගෝස්තු 2 වන දින එහි මෙහෙයුම් අත්හිටුවීමට අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුවා.

මෙම VFS ඊ වීසා වැඩසටහන ක්‍රියාත්මක වූ දිනයේ සිට මාස තුනහාමාරක් තුල අලුත් කාණ්ඩ යටතේ පමණක් රුපියල් බිලියන 1,632,300,000.00 ක අමතර අදායමක් රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුන බව එම ප්‍රකාශකයා අවධාරණය කර සිටියේය.

VFS ඊ වීසා වැඩසටහන නිසා සංචාරකයින් අඩුවුනාද ?

VFS ඊ වීසා වැඩසටහන නිසා සංචාරකයින්ගේ පැමිණීම අඩුවූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් කළ විමසීමකදී එම නිලධාරියා පැවසුවේ එයද මුළුමනින්ම අසත්‍ය බවයි.

* 2023 මැයි මාසයේදී ලංකාවට ඇවිත් තිබුනේ සංචාරකයින් 71, 926 යි.
2024 මැයි මාසයේදී සංචාරකයින් 1,13, 676 ක් ඇවිත් තියනවා.
වසර දෙකේ මැයි මාස සන්සන්ධනය කරද්දී 62%ක වැඩිවීමක්..

* 2023 ජුනි මාසයේදී ලංකාවට ඇවිත් තිබුනේ සංචාරකයින් 87,656 යි.
2024 ජුනි මාසයේදී සංචාරකයින් 1,49,982 ක් ඇවිත් තියනවා.
වසර දෙකේ ජුනි මාස සන්සන්ධනය කරද්දී 54% ක වැඩිවීමක්..

VFS ඊ වීසා වැඩසටහන සම්බන්ධයෙන් විරුද්ධවාදීන් කුමන ආකාරයේ අවලාද නැගුවද ඉදිරියේදී සත්‍ය හෙළිවනු ඇතැයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.
-newstube.lk

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29756,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෙළිකරන VFS ඊ වීසා වැඩසටහනෙන් ඇත්ත කතාව..
ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෙළිකරන VFS ඊ වීසා වැඩසටහනෙන් ඇත්ත කතාව..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOmrufc45BpVN_nwrl8SXPfDPnSk0lBkp2wCeW11Tuby_8ZzLQeYa3QN-chqNwLbe00rpyF1CKCNCcU4eyESMBsZGG6TyFWGaNqjl6ziOglzYRKIhBLsRXu-gShi-N1hf-V1CdlXKhiWuzfuUDs6TFCkTOSN4Yd1nNiPMTWwYEOOj10O7M1yOHKl5lRtsj/s320/kio.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOmrufc45BpVN_nwrl8SXPfDPnSk0lBkp2wCeW11Tuby_8ZzLQeYa3QN-chqNwLbe00rpyF1CKCNCcU4eyESMBsZGG6TyFWGaNqjl6ziOglzYRKIhBLsRXu-gShi-N1hf-V1CdlXKhiWuzfuUDs6TFCkTOSN4Yd1nNiPMTWwYEOOj10O7M1yOHKl5lRtsj/s72-c/kio.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/10/vfs.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/10/vfs.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy