මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක වන අයේෂා දිසානායක සිය මෝටර් රථය පසුපසට පදවා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සේවිකාවන් දෙදෙනෙකු යට කිරීමේ ...
මේ දිනවල ජනප්‍රිය රංගන ශිල්පිනියක වන අයේෂා දිසානායක සිය මෝටර් රථය පසුපසට පදවා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ සේවිකාවන් දෙදෙනෙකු යට කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (29) කොළඹ අලුත්කඩේ අංක 07 දරණ අධිකරණයේදී කැඳවීමට නියමිතය.
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් රථ ගාලේදී ඇයට අයත් කළු පැහැති නවීන BYD රථය පසුපසට පදවා මේ අනතුර සිදුකර තිබිණි.
සිද්ධිය වූ අවස්ථාවේදී අයේෂා ද පපුවේ වේදනාවක් ඇති බවට එහි සිටි අයට ප්‍රකාශ කිරීමත් සමඟ 1990 ගිලන්රථ සේවය අමතා ගිලන් රථයක් ගෙන්වාගෙන ඇය ද ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර තිබිණි.
පසුගිය 20 වැනිදා පෙරවරු 10.30 ත් 11.00 ත් අතර මේ සිදුවීම සිදුව තිබේ.
වාර්තාවන පරිදි, මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සහ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි සේවිකාවන් දෙදෙනෙකි.
බරපතළ තුවාල ලැබූ මෙම සේවිකාවන් දෙදෙනා මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.
එක් තැනැත්තියක් කොළඹ ජාතික රෝහලේත්, අනෙක් තැනැත්තිය ජයවර්ධනපුර මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බව පොලිසිය තහවුරු කර ඇත.
එක් සේවිකාවකගේ කශේරුකාවට හෝ උකුල් ඇටය ආශ්‍රිත ප්‍රදේශයට බරපතළ හානි සිදුව ඇති අතර, අනෙක් සේවිකාවගේ පාදයකට දැඩි හානි සිදුවී හෝ බිඳී ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.
පසුව අයේෂා දිසානායක රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 22 වැනිදා වැලිකඩ පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන ඊට පසුදින 23 වැනිදා ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර තිබිණි.
අනතුරට පත් වූ කාන්තාවන් දෙදෙනා වෙනුවෙන් රුපියල් 250,000 බැගින් වූ සානුකම්පිත දීමනාවක් ලබා දීමට ද රංගන ශිල්පිනිය අධිකරණය හමුවේ එකඟත්වය පළ කර තිබේ.
සිද්ධිය වන අවස්ථාවේ නිළිය මත්පැන් පානය කර සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර, ඊට අදාළ වාර්තාව ද අද ලබාදීමට නියමිතය.

COMMENTS