දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස්...
දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ 8 දෙනකු සමූල ඝාතනය කිරීමට පැමිණි බව කියන සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, 38 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.
දැනට ඩුබායි හි සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘ආමි චූටි‘ නැමැත්තා විසින් එම සමූල ඝාතන සැලසුම මෙහෙයවා ඇති බව පොලිසිය පවසයි.
‘ආමි චූටි‘ නැමැත්තා මීට වසර 5 කට පමණ තංගල්ල යුද හමුදා කඳවුරේ සේවය කිරීමෙන් අනතුරුව ඉන් පලාගිය පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.
වැලිගම ප්‍රදේශයේ හෝටල් හිමියාගේ බාල සහෝදරයා විසින් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක් කටාට අයත් බව කියන හෝටලයකට ගොස් එම හෝටලයට පැමිණෙන විදේශ ජාතිකයන් තම සහෝදරයාගේ හෝටලයේ බීච් පාට සදහා එවන ලෙස තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
එම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු පැනගොස් ඇති අතර ඒ සදහා ආධාර අනුබල දුන් සැකකරුවන් 8 දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
වැලිගම ප්‍ර දේශයේ මහල් 4 කින් යුත් හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ සියලුම දෙනා වෙඩි ඝාතනය කිරීමට කිසියම් කණ්ඩායමක් සැරසෙන බවට බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාට ලද තොරතුරක් මත ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මීට දින 3 කට පමණ පෙර වැලිගම ප්‍ර දේශයට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණි.
(ගයාන් සූරියආරච්චි සහ බිමල් හ්‍යාමන්)

COMMENTS