දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ වෙස්ගෙන මුහුණු පොතට ඇතුළු වු නවක නළුවා රූමත් තරුණියන්ට කළ අපරාධය

අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සනත් අබේසේකර මහතාගේ මුහුණු ප...

අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක්
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සනත් අබේසේකර මහතාගේ මුහුණු පොතට අනවසරයෙන් ඇතුළුවී ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකස්කර ඔහු නමින් පෙනී සිට රට පුරා සිටින රූමත් තරුණියන්ට ඇමතුම් ලබාදී චිත්‍රපටවල රඟපෑමට අවස්ථාව ලබා දෙන බව පවසා ගෙන්වාගත් ඡායාරූප උපයෝගී කරගෙන සකස් කළ නිරුවත් ඡායාරූප බෙදා හැරීම සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉරිපත් කළ නවක

තරුණ රංගන ශිල්පියකු යැයි කියන සැකකරුවෙකු ලබන විසි එක්වනදා (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පසුගියදා (12) නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය (11) මැදවච්චිය රඹෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබූ ජනිත ප්‍රදීප නමැත්තා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළා.

එම සැකකරු සනත් අබේසේකර මහතාගේ instagram ගිණුමට අනවසරෙන් ඇතුල්වී සනත් අබේසේකර මහතාගේ නම භාවිතා කරමින් දුරකථන අංක දෙකක් භාවිතා කර ෆේස්බුක් ගිණුම් දෙකක් සකස් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නා.

සැකකරු සන්තක‍යේ තිබී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයේ කාන්තාවන්ගේ නිරුවත් ඡායාරූප විශාල ප්‍රමාණයක් තිබූ බවද එම ඡායාරූප මුදලට අලෙවි කළේද යන්න ගැන කරුණු නිශ්චිතව අනාවරණය කර ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කොට ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

සැකකරු තරුණියන්ට දුරකථන ඇමතුම් ලබාදී බිකිණිය පෙනෙන ආකාරයෙන් ලබාගත් ඡායාරූප එවන ලෙසට ඔවුනට උපදෙස් ලබා දී ඇති බවත් ඒවා පසුව නවීන තාක්ෂණය මගින් නිරුවත් ඡායාරූප ලෙස සකස්කර අලෙවි කර ඇති බවට සැක කරන බවත් එහිදී අධිකරණයට පෙන්වා දුන් විමර්ශන නිලධාරින් අගතියට පත් පාර්ශව වලින් මේ වන විට පැමිණිලි පනහකට (50) අධික ප්‍රමාණයක් ලැබී ඇති බව සඳහන් කළා.

මින් අගතියට පත්ව සිටින්නේ මෙරටේ සිටින ජනප්‍රිය චිත්‍රපටය අධ්‍යක්ෂකවරයකු වන්නේ යැයි සනත් අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මංජුලා කළුපාන මහත්මිය අධිකරණයට පෙන්වා දුන්නා.

සැකකරු හා ඔහු සිදුකර ඇති නීති විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර ඉදිරි දිනයේදී අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැමිණිලිකරුගේ ගිණුමට සැකකරුට නැවත ඇතුල් විය නොහැකිවන ලෙස තාක්ෂණික සහාය ලබාගෙන නීති පියවර ගන්නා ලෙසටද විමර්ශන නිලධාරීන්ට වැඩිදුරටත් නියෝග කළා.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29796,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ වෙස්ගෙන මුහුණු පොතට ඇතුළු වු නවක නළුවා රූමත් තරුණියන්ට කළ අපරාධය
චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ වෙස්ගෙන මුහුණු පොතට ඇතුළු වු නවක නළුවා රූමත් තරුණියන්ට කළ අපරාධය
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhemCMJxuXGOkPooCPPxSrD71OWG-tdelFVtQ4Qiwz0WBxZ7Wic0Zy49ElKOzQPkVAh3D2vbdXh718BrU0xNIePdfKBQbqhMh7Tq2mHbA7zVJSKX0L4fg__gRmEX6bCFQcsp1RNYY2TzcQM9W71b6kdKS0g3IK6dpHCmD7EMCKyUr-9osOiS0RhKrTUVa-W/s320/Arrest.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhemCMJxuXGOkPooCPPxSrD71OWG-tdelFVtQ4Qiwz0WBxZ7Wic0Zy49ElKOzQPkVAh3D2vbdXh718BrU0xNIePdfKBQbqhMh7Tq2mHbA7zVJSKX0L4fg__gRmEX6bCFQcsp1RNYY2TzcQM9W71b6kdKS0g3IK6dpHCmD7EMCKyUr-9osOiS0RhKrTUVa-W/s72-c/Arrest.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_915.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/11/blog-post_915.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy