දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

විපක්ෂ දේශපාලකයින් සිරගත නොකරන ලෙස ආණ්ඩුවට අනුශාසනා කරන්න… විමල් ටිරාන් සහ හිටපු මැති ඇමති පිරිසක් නුවර ගොස් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) අවභාවිත කරමින් ආණ්ඩුව විපක්ෂ දේශපාලනඥයින්ට නඩු පවරා සිරගත කිරීමේ...

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) අවභාවිත කරමින් ආණ්ඩුව විපක්ෂ දේශපාලනඥයින්ට නඩු පවරා සිරගත කිරීමේ උත්සහය නිරතව සිටින බව පෙන්වා දෙමින් ඒ සඳහා මැදිහත් වීමක් කරන ලෙස  මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ   ඇතුළු කණ්ඩායමක් ඉල්ලීමක් කර තිබේ.

හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමනාත් සී දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස   ඇතුළු කණ්ඩායමක් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන් වෙත ගොස් ඊයේ (11) මෙම ඉල්ලීම කර ඇත.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න   අයුක්ති සහගත චෝදනා යටතේ දිගින් දිගටම රඳවා තබා ගනිමින් රටට සාමය දිනා දීමට ඉහළ කැපවීම් කළ රණවිරුවන්ට එරෙහිව ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධව මහනාහිමිවරු දැනුවත් කිරීමට පියවර ගත් හිටපු මැති ඇමැති පිරිස එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද සම්මුති පනත යටතේ උදය ගම්මන්පිල හිටපු ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ද උන්වහන්සේලාට පෙන්වා දී තිබේ.


ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, බුද්ධි අංශ නිලධාරීන්, ආණ්ඩුව විවේචනය කරන විපක්ෂයේ දේශපාලන නායකයින් මෙන්ම මහා සංඝරත්නයෙන් ද ආණ්ඩුව පළිගනිමින් සිටින බවත් මෙරට රාජ්‍ය පාලනය සඳහා අනුශාසනා කරමින් මග පෙන්වීම් කරන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට මේ සම්බන්ධ කරුණු ඉදිරිපත් කර උන්වහන්සේලා මගින් ආණ්ඩුවේ ප්‍රධානීන්නට අනුශාසනාවක් කරවීම විපක්ෂ මන්ත්‍රීවරු ඒකාබද්ධව උභය මහා විහාරයන්ට පැමිණීමේ අරමුණ බවත් විමල් වීරවංශ මහතා මෙහිදී මාධ්‍ය හමුවේ පවසා ඇත.

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29645,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විපක්ෂ දේශපාලකයින් සිරගත නොකරන ලෙස ආණ්ඩුවට අනුශාසනා කරන්න… විමල් ටිරාන් සහ හිටපු මැති ඇමති පිරිසක් නුවර ගොස් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
විපක්ෂ දේශපාලකයින් සිරගත නොකරන ලෙස ආණ්ඩුවට අනුශාසනා කරන්න… විමල් ටිරාන් සහ හිටපු මැති ඇමති පිරිසක් නුවර ගොස් මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCVv2TrprvPXwNjeII392aBnWWK9tsFf0YLjah5oxVCJ0Thw1He3IiXWMDDM4ajV-qCXCNUnm9he0bmxwbIMdUH7HH9jqhZhVqaHOP7e60zwZglinJ97w3bcNfkVcrEuCNupjgqLNe7thASGL2DJR7ZOC_FeLcvilkPn-ShdMd5MyZdz5RaFmHF-zczcuu/s320/wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgCVv2TrprvPXwNjeII392aBnWWK9tsFf0YLjah5oxVCJ0Thw1He3IiXWMDDM4ajV-qCXCNUnm9he0bmxwbIMdUH7HH9jqhZhVqaHOP7e60zwZglinJ97w3bcNfkVcrEuCNupjgqLNe7thASGL2DJR7ZOC_FeLcvilkPn-ShdMd5MyZdz5RaFmHF-zczcuu/s72-c/wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/09/blog-post_45.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/09/blog-post_45.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy