කැලණිය වේවල්දූව පාරේ ක්‍රිස්තියානි පල්ලිය ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (06) අනතුරක් සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ ගැබින...
කැලණිය වේවල්දූව පාරේ ක්‍රිස්තියානි පල්ලිය ආසන්නයේදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (06) අනතුරක් සිදුව ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ ගැබිනියක් මේවන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
අදාළ අනතුර සිදු කර ඇත්තේ නිළියක වන පියුමි හංසමාලිගේ වත්මන් සැමියා වන වෙනුර රොඩ්රිගෝ නැමැත්තා විසිනි.
මෙම අනතුරේදී මෝටර් රථ දෙකේම ආරක්ෂිත බැලුන් දිගහැරී තිබීම ද විශේෂිතය. එසේ බැලුන් දිගහැරුණ අනතුරු සාමාන්‍යයෙන් දරුණු අනතුරු ලෙස සැලැකේ.
අනතුර සිදුවන අවස්ථාවේ රිය පැදවූ වෙනුර බීමතින් සිට ඇති බවට ද චෝදනා එල්ලවී ඇති අතර, කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කිරිබත්ගොඩ පොලිසියේ රථවාහන අංශය විසින් ඔහුට පොලිස් ඇප ලබාදී ඇති බවද පැවසේ.
COMMENTS