මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් මෙහෙයුමෙහි ...
මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් මෙහෙයුමෙහි සජීවී වීඩියෝ දර්ශන පෙළක් ඉන්දුනීසියානු Youtbe නාලිකාවක් මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා.
මහත් ආන්දෝලනයට තුඩුදුන්, ඉන්දුනීසියා පොලිසියෙන් කළ සම්පූර්ණ මෙහෙයුම ඊට ඇතුළත්.
මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු සහ කාන්තාවක ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව අනාවරණය කරන ලද්දේ, අගෝස්තු 28 වැනිදායි.
එලෙස අත්අඩංගුවට ගත් පිරිසට කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන්, පානදුරේ නිලංග සහ තැඹිලි ලහිරු යන අන්වර්ථ නම්වලින් හඳුන්වනු ලබන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අයත්.
මෙම මෙහෙයුම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ දින 07ක විශේෂ මෙහෙයුමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි.
COMMENTS