ලංකාව තුළ යම් විශේෂ කටයුත්තකට සහභාගී වීම සහ ගුවන් ටිකට් පත් වෙන් කරගෙන තමන්ගේ පුද්ගලික ගමන් ගොස් රුපියල් මිලියන ගණන් එක් රැයකට වියදම් කිරී...
ලංකාව තුළ යම් විශේෂ කටයුත්තකට සහභාගී වීම සහ ගුවන් ටිකට් පත් වෙන් කරගෙන තමන්ගේ පුද්ගලික ගමන් ගොස් රුපියල් මිලියන ගණන් එක් රැයකට වියදම් කිරීම සන්සන්දනය නොකරන ලෙස විදේශ කටයුතු ඇමති විජිත හේරත් ඊයේ (27) ඉල්ලා සිටියේය.
මානුෂික හේතු මත රජයේ නිලධාරීන්ට පවා එවැනි අවස්ථා ලබා දීමේ යම් ක්‍රමවේදයක් චක්‍රලේඛ මගින්ම තහවුරු කර ඇති බව ඔහු කීවේය. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද කැබිනට් මාධ්‍ය හමුවේ දී ජනාධිපතිවරයා සිය මව බැලීමට තඹුත්තේගම ගිය අවස්ථාවේදීත් ආරක්ෂාව සහ වාහන සහිතව ගමන් කළ බැවින් රාජ්‍ය දේපල අවභාවිතා කළ බවට චෝදනා එල්ල විය නොහැක්කේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලංකාව තුළ මළ ගෙදරක යන එකයි වෙනම ගුවන් යානයක් වෙන් කරලා යන එකයි කිසිසේත්ම සන්සන්දනය කරන්න බෑ. අපේ රටේ රජයේ සේකයින්ට පවා පෞද්ගලික කටයුතු සඳහා වාහනය පාවිච්චි කරන්න යම් ක්‍රමවේදයකට යටත්ව චක්‍රලේඛන මගින්ම අවස්ථාව තියනවා.
මෙතන ප්‍රශ්නය තියෙන්නේ පොදු දේපල අවභාවිතා කිරීම සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ ගැන පැමිණිල්ලක් ලැබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව පරීක්ෂණ කළා. ඒ පරීක්ෂණ අවසන් වුනාට පස්සේ විවිධ අයගෙන් කටඋත්තර ලබාගෙන උසාවියට ඉදිරිපත් කළා. උසාවියෙන් අත් අඩංගුවට ගැනීමට නියෝග දුන්නා. ඒ වගේම උසාවිය මගින්ම ඇප දීලා නඩු කටයුත්ත ඉදිරියට ගෙනියන්න තීන්දු කළා.
විශේෂයෙන්ම වෛද්‍ය හේතු සහ රෝගී තත්ත්වය සහ වෙනත් සාධක මත ඇප ලබාදීමේ නියෝගයක් ලබා දීලා තියනවා. මේක උසාවියේ කටයුත්තක්. උසාවිය මගින් තමයි ඒවා තීන්දු තීරණ වෙන්නේ.
රට තුළ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක නොවුන බවත් මේ රටේ සාතිෂය බහුතරය මේ රජය පත් කරගැනීමේ ප්‍රධානම පරමාර්ථය නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන කිරිම බවත් ඇමතිවරයා පැවසුවේය. ඔහු පැවසුවේ මේ ක්‍රියාවලිය සම්බන්ධව ජනතාවට විශේෂ සතුටක් ඇති බවය.
තේරුම් ගත යුත්තේ මේ ඇත්තේ පෞද්ගලික පළිගැනීමක් හෝ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්තවයක් නොවන බව යැයි ඇමතිවරයා පෙන්වා දුන්නේය. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය වැනි ව්‍යවස්ථා සංශෝධන හරහා ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්තවයක් ඇතිවන්නට ගිය ඉතිහාසයක් ඇති බව කී ඇමතිවරයා එවැන්නක් යළිත් ඇති නොවන බව අවධාරණය කළේය. ඔහු පෙන්වා දුන්නේ නීතිය සැමට එක ආකාරයෙන් ක්‍රියාත්මකවන බව පෙනෙන්නට ඇති බවය. ඉදිරියේ දී මේ තත්ත්වය වඩාත් තහවුරු වනු ඇති බවට ඇමතිවරයා සහතික වුනේය.
COMMENTS