දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේදී පළිගැනීම් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Homeප්‍රවෘත්ති

පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේදී පළිගැනීම් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

PropellerAds

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කොමිසමේ නිර්දේශ මගින් අල්ලස් කොමිසමේ හිටප...

සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය
සංවේදී නවකතා ලියූ ජපන් ජාතිකයාට මෙවර නොබෙල් සාහිත්‍ය සම්මානය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ විමර්ශන කොමිසමේ නිර්දේශ මගින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියක මෙන්ම හිටපු සොලිසිටර් ජනරාල් වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ මූලික අයිතිවාසියක් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව ඇයට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශ හා සොයාබැලීම් බලරහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ දක්වා තිබේ.

අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ හා සොයාබැලීම් බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝග නිකුත් කළේය.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අචල වෙංගප්පුලි යන  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කෙරුණි.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ පෙත්සම්කාරියට එරෙහිව අදාළ පරීක්ෂණ කොමිසමට ඉදිරිපත් වූ පැමිණිල්ල විභාග කිරීමට එම කොමිසමට නීත්‍යානුකූල බලයක් නොතිබූ බවය. 

ඒ අනුව එම විමර්ශනය මත පදනම්ව කොමිසම විසින් ඇයට එරෙහිව නිකුත් කළ නිර්දේශ හා සොයාබැලීම් නීතියට පටහැනි බවත් තීන්දුවේ සඳහන් වුණි.

ඒ අනුව පෙත්සම්කාරියට එරෙහිව අදාළ කොමිසම විසින් නිකුත් කළ නිර්දේශ හා සොයාබැලීම් සියල්ල බලරහිත කිරීමට තීන්දු කරන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව නියෝග කෙරුණි.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් සොයාබැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සාමාජිකයින් වන හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක සහ හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් හා නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් වශයෙන් කටයුතු කළ අවධියේ බලය අයථා ලෙස පරිහරණය කරමින් හා රාජ්‍ය සේවයට අපකීර්තියක් වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ නිකුත් කළ බවය. 

අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව එම නිර්දේශ නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවත් පෙත්සම්කාරිය කියා සිටියේය.

ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදන ලෙසත් ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අයැද තිබුණි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29610,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේදී පළිගැනීම් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
පළිගැනීම් පිළිබඳව සොයාබැලීමේදී පළිගැනීම් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtQrbj4By699eHUdYfc3MBSX2vN_hFzVrE8lmroa-u8oa8Vq97cCfbRByOopX4RJ_zGniIsTAsCVbErkW9V500Vfp7X5KppCdxkoVDakTnpG3gFKKRdMQs2nQiu30mu9gGOrlyeXg0kROMdotgpaTCLIWgPPPihOf_uqdhNgmrB_7wXJeLFsyvzBykHT8l/s320/dilrukshi-dias-1.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtQrbj4By699eHUdYfc3MBSX2vN_hFzVrE8lmroa-u8oa8Vq97cCfbRByOopX4RJ_zGniIsTAsCVbErkW9V500Vfp7X5KppCdxkoVDakTnpG3gFKKRdMQs2nQiu30mu9gGOrlyeXg0kROMdotgpaTCLIWgPPPihOf_uqdhNgmrB_7wXJeLFsyvzBykHT8l/s72-c/dilrukshi-dias-1.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_58.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_58.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy